on Wednesday, June 15, 2011 | 1 comments
අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමු.

මගේ කලින් ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් අදහස් දක්වපු බුවා සහෝදරයා යම් ප්‍රශ්න මතුකරලා තිබ්බා ඒවාට පිළිතුරු කියවන්නන්ගේ පහසුව පිණිස මෙලෙස වෙනම ලිපියක් ලෙස ලියනවා. බුවා සහෝදරයාගේ ප්‍රශ්ණය දක්වමින් ඊට පහතින් පිලිතුරු දක්වනවා.


buwa said...

කාන්තාවන්ට ඕනි ඇඳුමක් ඇඳීම මානව නිදහස කියලයි අපි දකින්නේ . ඉස්ලාම් කාන්තාවන් බහුතරය ඔය විදිහට අඳින්නේ තම්න්ගෙ කැමැත්තෙන් කියන්නෙ අලි මුසාවක් . වෙනත් කිසිම සමාජයක දකින්න නැති ඒවා ඔබතුමාලගෙ මුස්ලිම් සමාජයේ දකින්න ලැබෙන්නෙ ඒකයි . එමීර් රාජ්‍යයේ ඔය ඇඳුමට පිටින් කාන්තාවන්ට ඇඳගෙන යන්න බැ කියලයි එහේ ගිය අය කියන්නේ . ඒ නීති නැති නිසාද ? ඔබ ල උපකරන වල සහ ගැහැණුන්ගෙ වෙනස අඳුනන්නෙ නැ කියන එක දීල තියන උදාහරන වලින් පේනවා . ගැහැනිය කියන්නෙ පිරිමයාගෙ අවශ්‍යතාව අනුව තෝග ගන්න තියන ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයි (ඔබලාගේ දහම තුල එහෙම වෙන්න ඇති ) ඒ අයටත් තම්න් කැ,මති දේ කරන්න වගේම කැමති පිරිමියෙක් තෝර ගන්නත් අයිතිය තියෙයි . කන්‍යා සොහොයුරියන් ගුරු වෘත්තිය හැර වෙනත් වෘත්ති වල නියෙලෙන්නෙ නැ . උගන්වීම ශේෂ්ට ක්‍රියාවක් . අනික ඉස්සර අධ්‍යාපනය පාදක උනේ ආගමත් එක්ක ඒ නිසා තමයි , ෆාදර්ල , කන්‍යා සොහොයුරියන් වගේම හාමුදුරුවරුත් උගන්වන්නේ . රෝමානු කතෝලික අය විවාහ වෙන්නේ නැ , අනිකුත් නිකාය වල අය විතරයි විවාහ වෙන්නෙ


බුවා සහෝදරයාගේ ප්‍රතිචාරයට ස්තූතියි වන නමුත් ඉස්ලාමය හරි හැටි අවබෝධර නොගෙන නැවත නැවත එකම දේ ප්‍රකාශ කණගාටු වෙනවා.


සහෝදරයා ඔබ කියන විදිහට තමන් කැමති ඕනෑම ඇඳුමක් අඳින්න ඕනෑම කෙනෙකුට නිදහස තියෙනවා. එත් අපි අඳින ඇඳුම සංවර අනුන්ට කරදරයක් නොවන ඇඳුමක් වෙන්න ඕන. නැත්තම් අපිට උපන් ඇඳුමෙනුත් ඉන්න පුළුවන්නේ.එතකොට අපෙත් සත්තුන්ගෙත් වෙනසක් නැති වෙනවා. 


සහෝදරයා ඉස්ලාමයත් කාන්තාවන්ට වගේම පිරිමින්ට ඔවුන් කැමති ඇඳුමක්  අඳින්න අවසර දීලා තියෙනවා. ඒ අඳින ඇඳුම සංවර , අනුන්ට කරදරයක් නොවන ඇඳුමක් විය යුතු බවයි ඉස්ලාමය පවසන්නේ. ඒ වගේමයි මුස්ලිම් කාන්තාවන් සමහරක් ඔය හිජාබය අඳිනවා, සමහරක් මුහුන වහනවා, සමහරක් සල්වාර් කියන ඇඳුමත් අඳිනවා. මුස්ලිම් කාන්තාවන් ඔවුන්ට තියෙන අයිතිවාසිකම් හා නිදහස අනුව ඔවුන් කැමති ඇඳුමක් සංවර අනුන්ට කරදරයක් නොවන ඇඳුමක් අඳිනවා. එය ප්‍රශ්න යක් කරගන්න ඕන වෙන්නේ නෑ. අල්ලපු ගෙදර කාන්තාව ගෙන කතා කරන්නවත් අපිට අයිතිය නැති එකෙ වෙනත් ආගමක කාන්තාවක් ගැන හරි හැටි නොදැන  ඔවුන්ගේ අඳුම් ගැන විවෙචන කිරීම සධාචාර විරෝධි බවයි මම හිතන්නේ.


බහුතර මුස්ලිම් කාන්තාවන් ඔය විදිහට අඳින්නේ ස්ව කැමැත්තෙන් කිය න එක අලි මුසාවක් කියලා සහෝදරයා කියන්නේ කොහොමද? සහෝදරයා සමීක්ෂණයක් කලාද?... සාමන්‍ය කාන්තාවක් පිළිබඳව තේරුම ගැනීම පවා අමාරු කාර්යයක් බව පවසද්දී අන්ය ආගමික කාන්තාවන්ගේ කැමති අකැමැති දේ පිළිබඳව ඔබ ප්‍රකාශ කිරීම හරිම විශ්මයජනකයි. ඒ වගේම සහෝදරයා කටට ආ පලියට කියු පමණින් එය ඇත්ත වෙන්නේ නෑ.


සහෝදරයා වෙන කිසිම සමාජයක එහෙම දකින්න ලැබෙන්නේ නෑ කියන්නේ කොහොමද?... ජපානයේ සම්ප්‍රදායික ඇඳුමත් මුළු ශරීරය ආවරණය වන ඇඳුමක්..චීනයෙත් ඒ වගේමයි. බටහිර රටවල් වුනත් වර්තමානයේ නවීන විලාසිතා යැයි  පවසමින් සිරුරේ අවයව පෙනෙන පරිදි අසංවර ලෙස ඇඳුම් භාවිතා කලත්  බටහිර කාන්තාවන්ගේද සම්ප්‍රදායික ඇඳුම වනුයේ මුළු ශරීරයම ආවරණය වන පරිදි දිගු ගවුමක් හා හිස ආවරණය කිරීමයි. අනෙකුත් සමාජ දෙසද  හරි ආකාරව අධ්‍යනය කලහොත්  ඒ පිළිබඳව තවත් ඔබට අවබෝධ කරගත හැක. මුස්ලිම්වරුන් වන අපි අපෙ  සම්ප්‍රදාය නොකඩවා පවත්වාගෙන යන්නෙමු.  එයට හේතුව  ඉස්ලාමය යනු  අතීතය, අනාගතය හා වර්තමානය යන කාලයන් තුනතම ගැලපෙන පරිදි අල්ලාහ් තාආලා විසින් අපිට දායද කරපු ධර්මයක් වීමයි


සහෝදරයා ඔබ එමීර් රාජ්ය ගැන කතාවක් කිව්වා. මෙච්චර තාක්ෂණය දියුනු වෙලා තියෙන අවස්ථාවක එක එක අය කිව්ව කතා පදනම්ව මෙවැනි ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක්. එහි සිටින මුස්ලිම් කාන්තාවන් ඔවුන් කැමැති විදිහට සංවර, අනුන්ට කරදරයක් නොවන විනීත ඇඳුමක් අඳිනවා ඒ වගේම එහි සිටින අන්‍ය අගමිකයින්ද ඔවුන්ගේ කැමත්ත පරිදි ඔවුනට අවශ්‍ය දේ අඳිනව. මේක මගෙන්  සියැසින්ම මං දැකලා තියෙනවා.


සහෝදරයා ඔබ නැවතත් මගේ ප්‍රකාශය වැරදි ලෙස වටහාගෙන.සහෝදරයා උදාහරණයක් කියන්නේ වටහා ගැනීම පිණිස වෙනත් දේවල් වලින් සරලව කියා දීමක් මිස එය එම ප්‍රකාශය සමඟ සමාන කරන්න හැකියාවක් නෑ.මං කොයිවෙලාකවත් උපකරණයි කාන්තාවනුයි සමාන කලේ නෑ. ඒ වගේම ඉස්ලාමයේත් එහෙම කියලත් නෑ. ඔබ තේරුම් ගත්ත විදිහ වැරදියි.මං එකෙන් අදහස් කලේ උපකරණ වලටම අපි එතරම සැලකිල්ලක් දක්වනවානම් එවාට වඩා වටිනා අපේ කාන්තාවන්[ මව, සහෝදරිය, දියණිය, බිරිඳව] පිළිබඳව ඊට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕන. ඔවුන්ව ආරක්ශා කරන්න ඕන බවයි.


සහෝදරයා අපේ දහමේ කියලා තියෙන විදිහට අපි අපේ කාන්තාවන්ට හුඟක් ගරු කරනවා. ඔවුන්ව ආරක්ෂා කරනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරලා දෙනවා. නමුත් අපේ හැඟීම් වලට ගරු නොකරමින් වැරදි අවබෝධයෙන් ඔබ විසින් ඉස්ලාම් දහමට විරුද්ධව කරනු ලබන අන්තවාදී ප්‍රකාශ පිළිබඳව මං කණගාටු වෙනවා. කාන්තා සිරුර හරිහැටි බැලීමේ පහත් ආශාවන් මුස්ලිම් කාන්තාවන් ඉදිරියෙදී වැලකී යාම නිසාදෝ ඔබ වැනි සහෝදරයින් මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ගැන ඔච්චරටම විරුද්ධ වන්නේ යැයි මට සාධාරණ සැකයක් මතුවෙනවා.


කන්‍යා සහෝදරියන්ගේ ගුරු වෘත්තීය ගැන මං ප්‍රකාශ කලේ කන්‍යා සොහොයුරියන්ද මුළු ශරීරයම වැසෙන පරිදි ඇඳුම් ඇඳෙන බව මං ප්‍රකාශ කල විට යම් සහෝදරයෙක් මට පැවසුවේ ඔවුන් ආගම වෙනුවෙන් කැප වුනු අය බවයි. එහිදි මා පවසා සිටියෙ ඔවුන් ආගම වෙනුවෙන් කැපවී සිටිය විවාහය හැර ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් ඔවුන් ඉටුකරනවා වගේම අපිත් අපේ ආගම වෙනුවෙන් කැප වෙලයි ඉන්නේ ඒ වගේම ඉස්ලාමය අපිට කියා දුන් විදිහට විව්වහ් කරගෙනද සිටිනවා කියලා. එහෙනම් අපිටත් අයිතියක් තියෙනවා අපේ ආගම වෙනුවෙන් කැපවෙලා ඉන්න පිරිසක් වශයෙන් ආගම කියලා දීල තියෙනේ විදිහට සංවරව විනීතව අනුන්ට කරදරයක් නොවන්න අපේ ඇඳුම සකස් කරගන්න.


සහෝදරයා මා දන්නා තරමින් බයිබලයේ කිසිම තැනක විවාහ නොවිය යුතුයි කියලා අණ කරලා නෑ. කතෝලික පූජකවරුන් විවාහ නොවිය යුතු බවට නිතීයක් ගෙන එන ලද්දේ කතෝලික සභාවෙන් බව මතක් කරන්න ඕන. සහෝදරයා කියනවා කැමති ඇඳුමක් ඇඳීම මානව නිදහස කියලා. ඒ වගේම තමා නිත්‍යානුකූලව විවාහ වී ලිංගිකව හැසිරීමත් මානව නිදහස්. ලිංගික ආශවන් මිනිසාගේ අත්‍යවශය අවශ්‍යතාවලින් එකක් බව අමුතුවෙන් මතක් කරන්න ඕන නෑ. ස්වල්ප දෙනෙකුට තම ලිංගික ආශාවන් පාලනය කරගෙන ඉන්න පුළුවන් වූවද බොහෝ දෙනෙකුට එසේ කල නොහැක.එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය වසරේ අපට අසන්න ලැබුනා අයර්ලන්තයේ කතෝලික පූජකවරුන් විසින් පිරිමි  ලමුන් ලිංගික අපයෝජනය සඳහා යොදාගත් බව. මෙය තහවුරු වීමෙන් පසුව ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප් වහන්සේ විසින් ප්‍රසිද්ධියේ සමාව අයදිනු ලැබු බවද මතක් කරන්න ඕන.ඒ වගේම මං පෞද්ගලිකව දන්නවා ලංකාවෙත් ඔය වගේ ඕනෑ තරම් සිදුවෙන බව. මේවාට හේතු මානව නිදහසක් වන විවාහය තහනම් කිරීම නොවේද?...


අන්‍ය ආගම් පිළිබඳව අදහස් දැක්වීම මං අකමැතිම දෙයක් නමුත් මෙහිදී මානව නිදහස ගැන කතා වුනු හින්දා මට මේ පිළිබඳව සඳහන් කරන්න සිදුවුනා. 


නැවත නැවත මා පවසන්නේ ඉස්ලාමය හරිහැටි අවබෝධකරගන්න ..අල් කුරානය මුළුමනින කියවන්න අල් හදීසය කියවන්න අපක්ෂපාතීව හිතන්න...සත්‍ය වටහාගන්න.. ඔබට දෙවි පිහිටයි.

1 comments:

කිඩෝ said...

සහෝදරයා අපේ දහමේ කියලා තියෙන විදිහට අපි අපේ කාන්තාවන්ට හුඟක් ගරු කරනවා.

ඔව් හරි බන් ඒත් හැමෝම එහෙමද? මම කියන්නේ සහෝදරයා "ඉස්ලාමය හරිහැටි අවබෝධකරගන්න" කියලා කිව්වට එහෙම අවාසනාවකට වගේ එහෙම ඉස්ලාමය හරිහැටි අවබෝධකරගන්න බැරි වුන කට්ටියකුත් ඉන්නවා නේද? ඒක හැම ආගමකටම පොදුයි නේද බන්...

ඒත් පොඩ්ඩක් මේකත් ඩවුන්ලෝඩ් කරන් බලන්න මට ආපු ඊයක තිබුනේ...

Don't open, if you are sensitive or have a weak stomach


Know your enemy!

The young girl in this video was sentenced to death by an Islamic Court
because she did not want to marry an old man the family arranged for
her. This is not Al Qaeda or the Taliban, but muslims following SHARIA
LAW!

No comment from the National Organization of Women or from the ACLU.

http://www.mediafire.com/download.php?adyk8a8b6y2qj0v

හරි ගෙදරින් ප්‍රපෝස් කරපු කෙනෙක්ට කාන්තාවක් අකමැති වුනයි කියලා ගෙදර අයට තරහා යන එක සාදාරන ඈති (ඒ වගේ දෙවල් කොහොමත් වෙනවා) ඒත් මෙහෙම කරන එක සාදාරනද කියලා හිතලා බලන්න...

මේ වටේ පිටේ සෙනගක් ඉන්න තැනක මෙහෙම දෙයක් කරද්දි කිසිම මැදිහත් වීමකින් තොරව ඒක වීඩියෝ කරන්නෙ සහෝදරයා කලින් අපේ කාන්තාවන්ට හුඟක් ගරු කරනවා කිව්ව අයම නේද... සහෝදරයා "ගැහැනිය කියන්නෙ පිරිමයාගෙ අවශ්‍යතාව අනුව තෝර ගන්න තියන ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයි ඒ අයටත් තම්න් කැ,මති දේ කරන්න වගේම කැමති පිරිමියෙක් තෝර ගන්නත් අයිතිය තියෙයි" කියලා බුවා සහෝදරයා කියලා තියනවා නේද ඉතින් මෙතනදි වෙන්නෙ මොකක්ද කාන්තාවට ඔච්චර ගරු කරනවනං ප්‍රසිද්ධියේ මෙහෙම දේවල් කිරීමත් ඒ ගරු කිරීමෙම කොටසක් ද?

මටත් ඔය ආගම් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ... ඉතින් මටත් සහෝදරයට කියන්න තියෙන්නේ අපක්ෂපාතීව හිතන්න...සත්‍ය වටහාගන්න.. කියලා සහෝදරයා කියපු ටිකම තමා....

Post a Comment