on Wednesday, June 15, 2011 | 0 comments
අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමු.


මාගේ කලින් ලිපියකට අසංක සහෝදරයා අල් කුරානයේ යම් යම් කොටස් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන ලෙස ඉල්ල සිටියා. මා නැවත් ඔහුට කියන්නේ අල් කුරානය හා අල් හදීසය මුළුමනින්ම කියවන ලෙසයි.  ඔහුගේ ඉල්ලූ පැහැදිලි කිරීම කියවන්නන්ගේ පහසුව පිණිස වෙනම ලිපියක් ලෙස මෙසේ ලියනවා.දැන් හෝ ඔහු සත්‍ය වටහා ගනේ යැයි අපේක්ෂා කරනවා.


අසංක සහෝදරයා ඔබට පිළිතුරු සපයන්න කලින් මං පොඩි කතාවක් කියලා ඉන්නම්. ලියුම්කරුගේ නලා හඬ ඇසුනු මව ගෙට්ටුව ගාවට යනවා. 


"ගේ පිටිප්ස්සේ ඉඳන් එන පුතා දකිනවා  මවගේ පිටිපස්සෙන් විෂඝෝර සර්පයක් යනවා මවට දෂ්ඨ කරන්න. මෙය දුටු පුතා දුවගෙන ගොස් මවව එහාට තල්ලු කරනවා. තල්ලු කිරීම්දී සමබරතාවයක් අහිමි වී මව බිම වැටි තුවාල වෙනවා."



දැන් මෙතැනදී විෂඝෝර සර්පයාගෙන් මවව බේරාගැනීමේ යහපත් චේතනාවෙන් තමා පුතා මවවාහකට තල්ලු කරන්නේ.


දැන් කවුරු හරි කිව්වොත් පුතා මවව තල්ලු කරලා. මව බිම වැටිලා  ඇයට තුවාල වෙලා කියලා. එතැනදි සිද්ධ වුනේ වැරදි අර්ථකථනයක්. ඔන්න ඔඅය වගේ තමා සහෝදරයත් අල් කුරාන්යේ එක වැකියක් පමණක් අරගෙන වැරදි අර්ථකථනයක් දෙන්න නිශ්ඵල උත්සහයක නිරත වෙන්නේ. 


මං කිව්වේ නෑ අල් කුරානයේ වැකි අයින් කරන්න කියලා. මං කිව්වේ අල් කුරානය මුළුමනින් කියවන්න. කුමන අවස්ථාවක් සඳහා කුමන වේලාවෙදී කවුරු සඳහා  දෙන ලද පණිවුඩද යන්න අවබෝධකරගන්න කියලයි.


දැන් සහෝදරයා දීලා තියෙන කුරානයේ වැකි ගැන පොඩ්ඩක්  බලමුකෝ.

කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්‍රීන්ට වඩා ඉහලින් සිටී.

මුළු පරිච්චෙදයම කියවීම සඳහා මෙතැනට යන්න  http://quran.com/2


අල් කුරානයේ 2:228 කියන්නේ ටිකක් ලොකු පරිච්චේදයක්. සහෝදරයා එකේ කොටස් දෙකක් අරගෙන තියෙනවා. මෙකෙදී  කාන්තාවන් හා ස්ත්‍රීන් සමාන අයිතීන් තියෙනව කියනවා ඒක හරි.දෙවැනි එකෙන් කියන්නේ කාන්තාවන්ට වඩා පිරිමින් එක් මට්ටමකින් ඉහලින් සිටිනවා කියලයි. එකෙන් අදහස් කලේ කාන්තාවන්ට වැඩිය පිරිමි ශක්තිවන්තයි. වෛද්‍ය විද්‍යාව අනුවත් එය ඔප්පු වෙලා තියෙනවා. කාන්තාවට හා පිරිම්න්ට සම අයිතිවාසිකම් දෙන්න ඕන ඒ වගේම කාන්තාවන්ට වඩා පිරිමින් ශක්තිමත් බව ඉස්ලාමය පවසනවා. එයයි සත්‍ය මෙතැනදි කිසිම ගැටලුවක් මතු වෙන්නේ නෑ. 



ඉන් පසු,

කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.


මුළු පරිච්චෙදයම කියවීම සඳහා මෙතැනට යන්න  http://quran.com/4


මෙහිදීත් ඔබ අල් කුරානයේ 4:24 මුළු පරිච්චෙදයම ගන්නේ නැතුව කොටසක් විතරක් අරගෙන වැරදි අර්ථකථනයක් ලබා දීමේ නිශ්ඵල උත්සහයක නිරතවෙලා තියෙනවා


මෙහිදී මුළු පරිච්චේදයම කියෙව්වානම් ඔබට අවබෝධකරගන්න පුළුවන්   වහල් ස්ත්‍රීන් හා යුද්ධයේදී අත් අඩංගුවට ගත් කාන්තාවන් ඉස්ලාමයේ නිතීය අනුව මහර් [ විවාහ වීමේදි පිරිමියා විසින් කාන්තාවට දෙනු ලබන දෑවැද්ද] දීමෙන් විවාහ කරගෙන එය සමඟ එක් වෙන්න පුළුවන් බවයි. ඒත් විශේෂයෙන් කියන්න ඕන මෙහෙම තමා කලයුතු බව ඉස්ලාමයේ අණකිරීමක් කරලා නෑ. 



ඉන් පසු,

කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්‍රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්‍රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).


මුළු පරිච්චෙදයම කියවීම සඳහා මෙතැනට යන්න  http://quran.com/4


අල් කුරානයේ 4:34 ටිකක් දිග පරිච්චේදයක් .එහිදීත් ඔබ යම් කොටසක් පමණක් අරගෙන නැවතත් වැරදි අර්ථකථනයක් දීමේ නිශ්ඵල උත්සහයක නිරත වෙලා සිටිනවා.දැන් මෙහිදී කියලා තියෙන්නේ කාන්තාවකගෙන් තමන්ගේ සැමියාට ඉටුවිය යුතු යුතුකම් ගැනයි. කාන්තාවක් තමන්ගේ සැමියාට ද්‍රෝහි වී අසංවර ලෙස හැසිරෙමින් අයහපත් මාර්ගයේ යයි නම් පලමුවෙන් ඇයට අවවාද කලයුතුයි. එසේ අවවාද කිරීමෙන් පසුත් ඇය තව දුරටත් අයහපත් මාර්ගයේ යයි නම් ඇයව නිදි යහනෙන් ඈත් කල තිබිය යුතුයි. තවදුරත් ඇය අයහපත් මාර්ගයේ යයි නම් ඇයට තුවාල නොවන අයුරින් කොට්ටකින් ගහලා යහපත් මාර්ගයට ගන්න ඕන. එයයි අල් කුරානයේ සඳහන් වෙලා තියෙන්නේ. අපිට කොයිතරම් නම් අපේ දෙමව්පියන් සහ ගුරුවරුන් කෝට්ටෙන් ගහලා තියෙයිද..ඒ අපිව යහපත් මාර්ගයේ ගන්න ඕන නිසයි...ඒ වෙලවෙදී අපි ඒකට අකැමැති වුනත් පසුව අපි එය තෙරුම් ගන්නවා....ඉස්ලාමය කියන්නෙත් මිනිස්  ජිවිතේ ඕනෑම අවශ්ථාවක ඇතිවන ගැටලුවකට පිලිතුරු ලබා දෙනා සත්‍ය මාර්ගයයි.


ඒ වගේම අල් හදීසය මඟින් නබි තුමා පවසා තිබෙන්නෙ කවුරු හෝ සැමියෙක් තමාගේ භාර්යාවට නිකන් ගහයි නම් ඔහු සැබෑ පිරිමියෙක් නොවන බවත්..ඔහු පාප ක්‍රියාවක් කරන බවත්ය.ඉස්ලාමය තුල කාන්තාවන්ට පුර්ණ නිදහසක් , පිරිමින් හා සමාන අයිතිවාසිකම් හා සතුටින් ජීවත් වීමේ පසුබිමක් සකස් කර දී තිබෙනවා.


අවසාන වශයෙන් කියන්න ඕන මැදපෙරදිග රටවල් ආක්‍රමණය කිරීමට සහයෝගය දුන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ගේ බිරිඳගේ එකේ කුසේ උපන් සහෝදරිය වන මාධ්‍යවේදී ලොරෙන් බූත් මහත්මිය ඉස්ලාමය හරිහැටි අවබෝද කරගැනීමෙන් පසුව ගිය වසරේදී ඉස්ලාම් ආගම වැලඳගනු ලැබුවා. [For More Details: http://www.dailymail.co.uk/news/article-1323278/Tony-Blairs-sister-law-Lauren-Booth-converts-Islam-holy-experience-Iran.html] ඉතින් ඉස්ලාමය තුල කාන්තා නිදහසක් නැත්තම්, කාන්තාවන් වහල් ලෙස සලකයි නම්, ඉස්ලාමය කුරිරු නම් බටහිර මාධ්යවේදිනියක් වන ඇය ඉස්ලාම් ආගම වැලඳගනීද... 


 හිතවත් සහෝදරවරුනි ඉදිරියෙදී මාගේ කාර්යබහුලලකම හේතුවෙන් ඔබගේ ගැටලුවට පිළිතුරු සැපයිමෙදීයම් ප්‍රමාදයක් සිදුවෙන්න පුළුවනි. මට හැකි අයුරින් ඔබගේ  ගැටලුවලට මාගේ කාලය කළමණාකරනය කරගනිමින් පිළිතුරු සපයන්නට හැකි උපරිම උත්සහයන් ගන්නා බව සිහිපත් කරමි. 


සහෝදරවරුනි අන්‍ය ආගම්වල කාන්තා නිදහස ගැන කතා කරන්නට කලියෙන් අපි අපෙන් කාන්තාවන්ට ඉටුවිය යුතු යුතුකම් හරි හැටි ඉටු කලාද? කියලා ටිකක කල්පනා කරලා බලමු. පලමුව අපි හැදෙමු.


 මා නැවත් නැවත් කියන්නේ ඉස්ලාමය හරි හැටි අවබෝධකරගන්න. අල් කුරානය මුලුමනින් කියවන්න අල් හදීසය මුළුමනින් කියවන්න. සත්‍ය මාර්ගය වටහාගන්න. ඔබට දෙවි පිහිටයි






0 comments:

Post a Comment