on Monday, June 20, 2011 | 1 comments


අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමු.

කිඩෝ සහෝදරයා යම් විඩීයොවක් පාදක කරගෙන චෝදනාවක් ඉදිරිපත් කරලා තිබ්බා. එකට පිලිතුර  කොමෙන්ටුවක් වශයෙන් ඉදිපත් කරන්නට සිතුවද, පිළිතුර ටිකක් දිග වැඩි නිසාත් මෙලෙස වෙනම ලිපියක් ලෙස පළ කිරීමෙන් කියවන්නට පහසු නිසාත් මෙලෙස වෙනම් ලිපියක් ලෙස ලියන්නෙමි. කිඩෝ සහෝදරයාගේ ගැටලුව දක්වමින් එයට පහලින් මගේ පිළිතුර දක්වලා තියෙනවා.

කිඩෝ said...

සහෝදරයා අපේ දහමේ කියලා තියෙන විදිහට අපි අපේ කාන්තාවන්ට හුඟක් ගරු කරනවා.

ඔව් හරි බන් ඒත් හැමෝම එහෙමද? මම කියන්නේ සහෝදරයා "ඉස්ලාමය හරිහැටි අවබෝධකරගන්න" කියලා කිව්වට එහෙම අවාසනාවකට වගේ එහෙම ඉස්ලාමය හරිහැටි අවබෝධකරගන්න බැරි වුන කට්ටියකුත් ඉන්නවා නේද? ඒක හැම ආගමකටම පොදුයි නේද බන්...

ඒත් පොඩ්ඩක් මේකත් ඩවුන්ලෝඩ් කරන් බලන්න මට ආපු ඊයක තිබුනේ...

Don't open, if you are sensitive or have a weak stomach


Know your enemy!

The young girl in this video was sentenced to death by an Islamic Court
because she did not want to marry an old man the family arranged for
her. This is not Al Qaeda or the Taliban, but muslims following SHARIA
LAW!

No comment from the National Organization of Women or from the ACLU. 

http://www.mediafire.com/download.php?adyk8a8b6y2qj0v

හරි ගෙදරින් ප්‍රපෝස් කරපු කෙනෙක්ට කාන්තාවක් අකමැති වුනයි කියලා ගෙදර අයට තරහා යන එක සාදාරන ඈති (ඒ වගේ දෙවල් කොහොමත් වෙනවා) ඒත් මෙහෙම කරන එක සාදාරනද කියලා හිතලා බලන්න...

මේ වටේ පිටේ සෙනගක් ඉන්න තැනක මෙහෙම දෙයක් කරද්දි කිසිම මැදිහත් වීමකින් තොරව ඒක වීඩියෝ කරන්නෙ සහෝදරයා කලින් අපේ කාන්තාවන්ට හුඟක් ගරු කරනවා කිව්ව අයම නේද... සහෝදරයා "ගැහැනිය කියන්නෙ පිරිමයාගෙ අවශ්‍යතාව අනුව තෝර ගන්න තියන ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයි ඒ අයටත් තම්න් කැ,මති දේ කරන්න වගේම කැමති පිරිමියෙක් තෝර ගන්නත් අයිතිය තියෙයි" කියලා බුවා සහෝදරයා කියලා තියනවා නේද ඉතින් මෙතනදි වෙන්නෙ මොකක්ද කාන්තාවට ඔච්චර ගරු කරනවනං ප්‍රසිද්ධියේ මෙහෙම දේවල් කිරීමත් ඒ ගරු කිරීමෙම කොටසක් ද? 

මටත් ඔය ආගම් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ... ඉතින් මටත් සහෝදරයට කියන්න තියෙන්නේ අපක්ෂපාතීව හිතන්න...සත්‍ය වටහාගන්න.. කියලා සහෝදරයා කියපු ටිකම තමා....

ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. සහෝදරයා ඔබ කිවූ පරිදි ඉස්ලාමය හරි හැටි අවබෝධකර නොගත් මුස්ලිම්වරුන් පිරිසකුත් ඉන්නවා.මමත් ඒක අනුමත කරනවා. හැම ආගමකම ඒක පොදු බවත් මං මෙහෙදී කියන්න ඕන. දැන් මගේ ගැටලුව වුනේ එහෙම අවබෝධගරගත් සමහරුන් විසින් කරනු ලබන ක්‍රියා වලට ඉස්ලාම් දහමත්, සමස්ත මුස්ලිම්වරුනුත් වගකියන්න ඕනද යන්නයි...කිසිසේත්ම නැත. ඉස්ලාමය හරිහැටි අවබෝධකර නොගත් මුස්ලිම්වරුන්ටත් , මුස්ලිම් නොවන සහෝදරයන්ටත් මං කියන්නේ ඉස්ලාමය හරි හැටි අවබෝධර කර ගන්නා ලෙසයි.

සහෝදරයා නැවතත් ඔබ කිසිම පදනමක් නැතිව කවුරුන් හෝ  ලියපු ලියුමක් හා එවූ විඩියෝවක් පාදක කරගෙන චෝදනාවක් ඉදිරිපත් කරනවා. මීට කලිනුත් සහෝදරයෙක් මගෙ ලිපියට කොමෙන්ටුවක් වශයෙන්  මේ විඩියෝ පිළිබඳව අසා සිටියා ඔහුට  මං පිළිතුරුද ලබා දුන්නා. නැවත ඔබ වෙනුවෙන් මේකට පිළිතුරු සපයන්නම්. ඇත්ත වශයෙන් මේ විඩියෝවේ කරන දේ නම් ඉතාම පහත් නින්දිත ඉතාම කෘර පාප ක්‍රියාවක්. 

මේ විඩියෝවත් සමඟ ආපු ලිපියේ කියලා තියෙනවා වයසක කෙනෙකු සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කරපු නිසා ඉස්ලාමීය ෂරීයා නිතීය අනුව මෙවැනි දඩුවමක් දුන් බවයි. පලමුවෙන් මං මේ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.මෙහිදී මේ ලිපිය ඔබට එවු සහෝදරයා ඉස්ලාමය නිතීය අනුව මුස්ලිම් වරුන් කරපු ක්‍රියාවක් බවට ඔප්පු කරන්න පුළුවන් කිසිම සක්ෂියක් හෝ ඉස්ලාමිය ෂරීයා නිතීය පිළිබඳව කිසිම හැඳින්වීමක් දක්වලා නෑ. ඔහුගේ හිතේ මැවුනු දෙයක් හෝ ඔහුට ලැබුණු දෙයක් ඔහු එලෙසම ඔබට යවලා තියෙනවා.ඔබත් කුඩා ළමයෙකු මෙන් සත්‍ය අසත්‍ය නොවිමසා කෙලින්ම මුස්ලිම්වරුන් වන අපට චෝදනා කරනවා.

සහෝදරයා ඔබටත් අනිත් අයටත් මට කියන්න තියෙන්නේ යම් දෙයක් ගැන විවෙචනයක් තියෙනවානම් ඒ දේ ගැන හරිහැටි දැනගෙන ඉන්පසුවයි අපේ මතය අප ප්‍රකාශ කල යුත්තේ. මෙහිදී සහෝදරයා හෝ මේ ලිපිය එවූ පුද්ගයා  හෝ ඉස්ලාමීය ෂරීයා නිතීය නොදන්නා අය බව පැහැදිලියි. සහෝදරයා  වයසක තියා තරුණ ලස්සන ධනවත් රාජකීය පෙළපතේ එන තරුණයෙක්ව වූවද අකමැතිනම් විවාහ වීම ප්‍රතික්ෂේප කිරීමට  මුළු අයිතියක් කාන්තාවකට ඉස්ලාමය විසින් ලබලා දීලා තියෙනවා. එලෙස තියෙදී කොහොමද ඉස්ලාමීය ෂරීයා නිතියේ විසින් ඔය වගේ දඩුවමක් දුන් බව පවසන්නේ.

 ඉස්ලාමය ෂරියා නිතියේ ඔය  වගේ නිතියක් නැති බව මං වගකීමෙන් ප්‍රකාශ කරන අතර මං ඔබටත් මේ ලිපිය එවු පුද්ගලයාටත් අභියෝග කරනවා  ඉස්ලාමීය ෂරීයා නිතියේ මෙවැනි වැරැද්දක් තියෙනවානම් එය පෙන්වන ලෙස හා ඉස්ලාමිය ෂරියා නිතිය අනුව සිදුවුනානම්  එයට අදල ලියකිවිලි හෝ වෙනත් යම් සාක්ෂියක් ඉදිරිපත් කරන ලෙස..සහෝදරයා ඉස්ලාමීය ෂරීයා නිතීය  අනුව දඩුවමක් දෙනවානම් ඒ දඩුවමට අදාල වැරදි මොනවාද.. දඩුවමක් නියම කිරීමට ප්‍රථම ඔප්පු කල යුතු දේ... ඒ වගේම දඩුවම ක්‍රියාත්මක කරන ආකරයත් පිළිබඳව හොඳින් හදාරන්න ලෙස නැවතත් ඉල්ලා සිටිනවා.

 සහෝදරයා මේ විඩියෝවේ Backround Sound එක සඳහා යොදාගෙන තිබෙන්නේ අල් කුරානයේ වැකි බව පෙනෙන්නට තියෙනවා. මෙහෙදී මං කියන්න ඕන Backround Sound  සඳහා අල් කුරානයේ වැකි යොදාගත් පමණින් එය මුස්ලිම්වරුන් විසින් කල ක්‍රියාවක් බව කෙනෙකු සිතනවානම් එය කොච්චර මෝඩ වංක සිතුවිල්ලක්ද. ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක ශුද්ධ වූ ග්‍රන්ථයේ වැකි මේ විඩියෝවේ Backround Sound එක සඳහා යොදාගන්න පුළුවන්.

තවත් චෝදනාවක් සහෝදරයාගේ ලිපියේ තිබ්බා මේ විඩියෝ පිළිබඳව සමස්ත ලංකා ජමියතුල් උලමා [ACJU] වෙතින් කිසිම ප්‍රතිචාරයක් නැති බව.මේ වගේ කිසිම පදනමක් සක්ෂියක් නැතිව හිතුමනාපේ මෝඩ කමට එල්ල කරන චෝදනා වලට පිළිතුරු සපයමින් සිටියානම් ඔවුන්ගේ රාජකාරිය ඔවුන්ට හරිහැටි කරන්නට නොහැකි වෙනවා.ඒ වගේම මං මතක් කරන්න ඕන ACJU  ට මේ විඩියෝව ලැබුණුද නැද්ද  යන්න හෝ ඔවුන් මේ විඩියෝවට තම ප්‍රතිචාරය දැක්වුවද කියලා අපි හැරි හැටි දන්නේ නෑ. කෙසේ වෙතත් ඔබට සහ ඔබේ මිතුරන්ටත් මගේ පිළිතුරින් සෑහීමට පත්වෙන්න පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරනවා.

ඉස්ලාමයට මඩ ගහන්න, චොදනා නගන්න සහ ඉස්ලාමයට විරුද්ධව විවිධ ක්‍රියා කරන්නට  කොටි ගණන් වියදම් කරන බෝහෝ පිරිසක්  වර්තමානයේ ඉන්නවා. ඔවුන්ට මිනිස් ජිවිතයක් කිසිසේත්ම වැදගත් නෑ. ඔවුන්ට අවශ්‍ය ඉස්ලාමයට විරුද්ධව වැරදි අර්ථකථනයක් දෙන්නයි.ඔවුන් මේ වගේම මිනිස් ජිවීත එකක් නොවේ තවත් මිනිස් ජීවිත ඉත කෘර ලෙස  විනාශ කරමින් අල් කුරානයේ වැකි Backround Sound එක සඳහා යොදාගනිමින් කිසිම සක්ෂියක් නැතිව මනක්කල්පිත ලිපියක් ලියා  ලොව පුරා බෙදා හරිමින් අන්‍ය ආගමිකයින්ට ඉස්ලාමය පිළිබඳව වැරදි අර්ථකථනයක් ලබා දෙයි.ඔබ වැනි  ස්වයංව හිතන්න්නේ නැතිව කියන කියන දේ විශ්වාස කරන පුද්ගලයින් සිටින තුරු ඔවුන්ට ඔවුන්ගේ කර්‍ය කරගෙන යන්න පහසු වෙනවා.

අවසාන වශයෙන් කියන්න ඕන මැදපෙරදිග රටවල් ආක්‍රමණය කිරීමට සහයෝගය දුන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ගේ බිරිඳගේ එකේ කුසේ උපන් සහෝදරිය වන මාධ්‍යවේදී ලොරෙන් බූත් මහත්මිය ඉස්ලාමය හරිහැටි අවබෝද කරගැනීමෙන් පසුව ගිය වසරේදී ඉස්ලාම් ආගම වැලඳගනු ලැබුවා.[For More Details: http://www.dailymail.co.uk/news/article-1323278/Tony-Blairs-sister-law-Lauren-Booth-converts-Islam-holy-experience-Iran.html] ඉතින් ඉස්ලාමය තුල කාන්තා නිදහසක් නැත්තම්, කාන්තාවන් වහල් ලෙස සලකයි නම්, ඉස්ලාමය කුරිරු නම් බටහිර මාධ්යවේදිනියක් වන ඇය ඉස්ලාම් ආගම වැලඳගනීද...

මට මේ ලඟදී ලැබුනා ප්‍රවෘත්තියක්. එකේදි තිබ්බා බ්‍රිතාන්‍ය හිටපු අගමැති, ඉරාකයේ මහා මිනිස් ඝාතනයට ඇමෙරිකාවට උපකාර කල ටෝනි බ්ලෙයාර් දිනපාතම අල් කුරානය කියවන බව.ඒ ප්‍රවෘත්තිය මෙතනින් බලන්න :  http://www.dailymail.co.uk/news/article-2002883/Tony-Blair-reads-Koran-day-stay-faith-literate.html    එවැනි බලගතු පුද්ගයෙකුට අල්ලාහ් තාආලා නිවැරදි මාර්ගය පෙන්වන්නට ආරම්භ කර තියෙනවානම් ඔබ වැනි සහෝදරයන්ටත් අල්ලාහ් තාආලාගේ අශිර්වාදය ලැබේ යැයි මා විශ්වාස කරනවා.ඉස්ලාමය හරිහැටි අවබෝධකරගන්න , අපක්ෂපාතීව හිතන්න , සත්‍ය වටහාගන්න. ඔබට දෙවි පිහිටයි.  


1 comments:

Anonymous said...

මාෂා අල්ලාහ් ...! පැහැදිලිවම සදහන් කරලා තියෙනවා. දිගටම කරගෙන යන්න ධෛර්යය ලැබේවා.

Post a Comment