on |
අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමු.

සහෝදරවරුනි මේ වන විට අන්තර්ජාලයේ තිබෙන්නාවු සමහරක් අඩවි කිසිම වගකීමක් නොමැතිව ජාතිවාදයේ නාමයෙන් ඉස්ලාම් ආගමට පහර ගසමින් සිටී. ඔවුන්, ඔවුන්ට ඉස්ලාම් ආගම පිළිබඳව පවත්නා ගැටලු වලට අපෙන් විමසීමක් කලහොත් අපට හැකි උපරිමයෙන් අප ඔවුන්ට ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්නෙමු. නමුත් ඔවුන්, ඔවුන්ගේ තනිමතයට  කිසිම වගක් නැතිව ප්‍රකාශ කරනු ලබන දේවල් වලට පිළිතුරු බදින්නට අපට අවශ්‍ය නැත. එයට හේතුව මෝඩයන් සමඟ විවාද වලට යැමේන් වැලකීම යන ප්‍රතිපත්තිය අප අනුගමනය කිරීමයි.

කිසිදු අයුරකින් අන්‍ය ආගමිකයින්ට පහර ගැසීම අපගේ අරමුණ නොවේ.අප මෙම බ්ලෝග් අඩවිය පටන් ගැනීමට මුලීක හේතුව වුයේ ඉස්ලාම් දහම පිළිබඳව ඔබ තුල ඇතිවි තිබෙන ගැටලු වලට අපට හැකි අයුරින් මිත්‍රශීලීව ඔබට පිළිතුරු සැපයිමටයි. අපගේ මෙම ක්‍රියාදාමයට ඔබගේ සහයෝගය බලපොරොත්තු වෙමු.

ස්තූතියි