on Monday, June 13, 2011 | 14 comments


අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමු.


දිලීප සහෝදරයාගේ සංකල්පනාව කියන බ්ලොග් එකේ ශ්‍රී ලංකාවේ  වෙසෙන මුස්ලිම්වරුන් ගැනයි  කියල ලිපියක් තිබ්බා එකේදී සහෝදරයා කියලා තිබ්බා වැරදිනම් නිවැරදි කරන්න කියලා ඒ අනුව තමා මං මේ ලිපිය ලියන්නේ.මට මේක කොමෙන්ටුවක් වගේ දාන්න බැරි වුනේ මේක ටිකක් දිග වැඩි හින්දයි. ඒ වගේම වෙනම ලිපියක් ලෙස ලිවීමෙන් බලන අයටත් පහසුවෙක් වෙයි කියල හිතලයි මෙහෙම ලියන්නේ.


ලිපිය පටන් ගැනීමේදීම දිලීප සහෝදරයා කියලා තිබ්බා මුස්ලිම්වරුන් පිළිබඳ ව ලිපියක් ලියන හින්දා සහෝදරයාගේ දුප්පත් බ්ලොග් එක හැක් කරන්න එපා කියලා. මුස්ලිම්වරුන් පිළිබඳව ලිපි ලිව්වම මුස්ලිම් අය ඒ බ්ලොග් හැක් කරයි කියලා  සහෝදරයා හිතලා ඇති. දිලීප සහෝදරයාට මං කියන්න කැමතියි එහෙම මුස්ලිම් අය  බ්ලොග් හැක් කරන්නේ නම් කිසිම වග විභාගයකින් තොරව හුදෙක්ම ජාතිවාදී නාමයෙන් මුස්ලිම් වරුන්ට හා ඉස්ලාම් දහමට  විරුද්ධව බ්ලොග් ලියන පෙරමුණේ රාළ වගේ අයව හැක් කරලා හුඟක් කල්. ඒත් ඒ සහෝදරයා තවම ඔහුගේ රාජකාරිය නිදහසේ කරගෙන යනවා.නියම මුස්ලිම් වරුන් වන අපිට ඕනෑම විවෙචනයක් දරා ගැනීමේ ශක්තියක් තියෙනව.ඒ වගේම යම් කෙනෙක් අපෙන් ඉස්ලාමය පිලිබඳ යම්  ගැටලුවකට  පිළිතුරක් බලපොරොත්තු වෙයි නම් එය අපේ දැනුමේ හැටියට හා මිත්‍රශීලි ලෙස ලබා දෙන්න  අපි බැඳී ඉන්නවා.මෙතැනදීත් මං ඒක තමා කරන්න බලපොරොත්තු වෙන්නේ.සහෝදරයාගේ ලිපිය මුලීක අන්තර්ගතය ඉස්ලාමයේ කාන්තා නිදහස - ඉස්ලාමයේ කන්තාවන්ගේ ඇඳුම්. ඒ  ලිපියෙ මුස්ලිම් ජාතිකයින් පිළිමඳව සංඛයාත්මකව දක්වපු කාරණය ඇතරම් වැදගත් නැති හින්දයි සහ ඒ පිළිබඳව මං නොදැනුවත්  හින්දා ඒක ගැන කතා කරන්න බලපොරොත්තු වෙන්නේ නෑ. අනිත් බොහෝ කරුණු නම් සහෝදරයා මතුපිටින් බලලා සහ නොදැනුවත්කම හින්දා ලියපු කරුණු බව මතක් කරන්න ඕන.



සහෝදරයා කියනවා මුස්ලිම් කාන්තාවන් මුහුණ සහ මුළු ශරීරයම වැසෙන පරිදි  කළු පාට රෙදි වර්ගයක් උපයෝගී කරගෙන ඇඳුමක් අඳිනවා මේක දැක්කම ඔහුට මුස්ලිම් කාන්තාවන් පිළිබඳ අනුකම්පාවක් ඇතිවෙනවා කියලා.

දිලීප සහෝදරයා  මුස්ලිම්වරුන් වන අපි පිළිපදින්නේ ශුද්ධ වූ අල් කුරානය සහ අල් හදීස් යන ග්‍රන්ථ දෙකේ අඩංගු කරුණු විතරයි. මේ ශුද්ධ වූ ග්‍රන්ථ දෙකේම කිසිම තැනැකවත් කියලා නෑ කන්තාවන් කළු පාට රෙදි වර්ගයකින් මුහුන සහ මුළු ශරීරයම වසාගෙන සිටිය යුතුයි කියලා.

එහෙනම් මොකක්ද ඉස්ලාම් දහමේ කාන්තාවන්ගේ ඇඳුම් ගැන කියලා තියෙන්නේ?

ශුද්ධ වූ අල් කුරානය සහ අල් හදීසය මඟීන්  කියලා තියෙන්නේ කාන්තාවන්ගේ ඇඳුම් කාන්තාවගේ කකුළේ සිට උරහිස දක්වා සහ හිස ආවරණය වන පරිදි ලිහිල් සහ විනිවිද නොපෙනෙන රෙදි වර්ගයකින් සකස්
 විය යුතු බවයි.විශේෂ කරුණ නම් මෙහිදී මුහුණ සහ අත් නිරාවරණය කරගන්න පුළුවන්. ඒ වගේම ඉස්ලාමය පිරිම ඇඳුම් ගැනත් සඳහන් කරලා තියෙනවා ඒවා මෙතැනට අනවශ්‍ය නිසා ඒ ගැන සඳහන් කරන්නේ නෑ.
 

කතෝලික දහමේ සහෝදරියන් අඳින්නෙත් ඔය වගෙමයි. එහෙදී පැන නගින්නේ නැති ගැටලුවක් මුස්ලිම් කාන්තාවන් පිළිබඳව විතරක් හට ගැනීමනම් තරමක් අවුල් සහගතයි.

එහෙනම් මුස්ලිම් කාන්තාවන් ඇයි මුහුණ වසන්නේ?     


ඔවුන් මුහුණ වසන්නේ ඔවුන්ගේ ස්ව කැමැත්තෙන් මිස ඉස්ලාම් ආගමෙන් කරපු බල කිරීමක් නිසා නොවෙයි.ඉස්ලාම් නීතිය අකුරටම  ඉටුකරන සෞදි අරාබියාවෙත් කාන්තාවන් ඉන්නවා මුහුන සහ අත් නිරාවරණය කරගෙන ඒක ඔවුන්ගේ කැමැත්තක්. ඒක ඕනෑම මුස්ලිම් කාන්තාවක් ගෙන්  ඇහුවොත් දැනගන්නට පුළුවන්.එහෙම මුහුණ වහන්න කියලා කාන්තාවක් කැමැති නම් ඉස්ලාමයෙන් ඒක එපා කියලා නෑ. ශ්‍රී  ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවෙනුත් මුස්ලිම් කාන්තාවන්ට ඒ නිදහස ලබලා දීලා තියෙනවා. ඊට වඩා ප්‍රශ්නයක් නෑ කියලයි මං හිතන්නේ. තවත් දෙයක් නම් පසුගිය වෙසක් සමයේ මමත් ගියා වෙසක් සිරි නරඹන්න එහෙදී විවිධ  අය ඔය  MASK යොදාගෙන මුහුණ වහගෙන හිටිය. සමහර අය මුහුණ වහගෙන කිසිම  සංවරයක් නැතුවත් හැසිරුනා. ඒත් එහෙදී කාටවත් ප්‍රශ්නයක් ඇතිවුනේ නෑ ඒ මුහුණ වැහීම පිළිබඳව . දැන් මෙතැන ප්‍රශ්නයක් වුනේ මේ කාන්තාවන් මුස්ලිම් ආගම අදහන හින්දයි. පිරිම අපිටත් පුළුවන්, කැමතිනම් මුහුණ වහගන්න. දැන් තියෙන එක එක රෝග වලින් බේරෙන්න වගේම නාගරික ප්‍රදේශවල තියෙන දුවිලි වලින් බේරීලා ඉන්න අපි හැමෝටම මුහුණ වහගෙන ඉන්න සිදුවෙනවා.

දීලිප සහෝදරයාට මහ දවල් කළු පාට ටී සර්ට් එකක් ඇඳගෙන පාරේ යන්න බැරි එකේ මේ අය යන්නේ කොහොමද?

දැන් මෙතැනදී දිලීප සහෝදරයට බෑ නම් අනිත් අයටත් බැරි වෙන්න ඕන කියලා නෑ. දිලීප සහෝදරයා කළු පාට ටී සර්ට් එකක ඇඳගෙන මහ දවල් පාරේ නොගියට. මං  ඕන තම දැකලා තියෙනවා මුස්ලිම් නොවන බොහෝ දෙනක් කළු පාට ඇඳුම් ඇඳගෙන මහ දවල් පාරේ යනවා. අද දවසේ [13/6/2011]  දවල් 12.30 වගේ බම්බලපිටිය හන්දියෙදි මට මුණගැහුණා මුස්ලිම් නොවන මිතුරියක් ඇය ඇඳගෙන සිටියෙත් කලු පාට ටී සර්ට් එකක්.මුස්ලිම් කාන්තාවන්ටත් තමන්ට කැමති පාට ඇඳුමක් ඇඳගන්න ඉස්ලාමය තුළ පූර්න නිදහස තියෙනවා. ඉස්ලාමය තුළ කළු පාටින් විතරයි අඳින්න කියලා කොහෙවත් බලකිරීමක් කරලා නෑ. විවිධ වර්ණයන්ගෙන් යුතු හිජාබ් [මුස්ලිම් කාන්තාවන් අඳින දිගු ඇඳූම]  වෙළෙදපොලේ මීලදීගන්න පුළුවන්. කළු වර්ණය විනිවිද  නොපෙනන නිසා මුස්ලිම් කාන්තාවන් කළු වර්ණයට කැමැත්තක් දක්වයි. 

ලංකාවේ සමහරක් ඉස්කෝල වල හැමදාමත්, සමහරක් ඉස්කෝල වල විවිධ උත්සව වලටත් මහ දවල් ටයි කෝට් අඳිනවා පිරිම වගේම ගැහැණු ලමයිනුත්.දීලීප සහෝදරයත් ඉස්කෝලේට ගිහින් තියෙනවානම් ඔහුත් අනිවාර්‍යෙන් ඔය ටයි කෝට් ඇඳගෙන තියෙන්න ඕන.ඒත් එතැනදී කාටවත් ගැටලුවක් නෑ. මුස්ලිම් කාන්තාවන් පිළිබඳ විතරක් ගැටලුව ආවේ ඔවුන් ඉස්ලාම් ආගම අදහන නිසයි.අපක්ෂපාතීව හිතන්න.

 දැන් මම ඒ ලිපියෙ දැක්ක සමහරක් Comment වලට මට හැකි පරිදි පිළිතුරු දෙන්නම්.

සොහාන් සහෝදරයා කියලා තිබ්බා මුස්ලිම් වරුන් ආගමේ නාමයෙන් තමන්ගේ සහෝදරිව මරනව.සමහර මුස්ලිම් වරුන් කුලියට මිනී මරන බවටත්.

මං හිතන්නේ ඔය සහෝදරයා ඔය කොමෙන්තුව දාල තියෙන්නෙ නොදනුවත්කමින් .කිසිම මුස්ලිම් සහෝදරයෙකු ආගමේ නාමයෙන් හෝ මොන නාමයෙන් වත් තමන්ගේ සහෝදරියව මරන්නේ නෑ. එහෙම කෙනෙකු තමන්ගේ සහෝදරියව මැරුවානම් ඒකට වගකිය යුත්තේ ඔහු මිස ඔහු අදහන ආගම නෙමෙයි. 

අද දවසේ [13/6/2001] Live@8  ප්‍රවෘත්ති බැලුවනම්  ඔයගොල්ලෝ දන්නවා පුද්ගලයෙක් ඉඩම් ප්‍රශ්නයක් නිසා තමන්ගේ එක කුස උපන් නංගීව මරලා එයත් වහ බීලා සිය දිවිනසාගෙන. මෙතැනදී වගකියන්න ඕන ඒ පුද්ගලයා අදහන ආගමද? නැහැ.. ඒ පුද්ගලයා එහෙම කරපු හින්දා එයා අදහන ආගම අදහන හැමෝම  ඔයවගේ වැරදි කාරයෝද? නැහැ..... එහෙනම් සමහරක් මුස්ලිම්වරුන් කරන වැරදි වලට සමස්ත මුස්ලිම්වරුන්ටම හා ඉස්ලාම් දහමට වරද්ද පටවන්නේ ඇයි? මුස්ලිම්වරුන් දෙස වැරදි ලෙස බලන්නේ ඇයි?

මදුරංග සහෝදරයා කියලා තිබ්බ මුස්ලිම් පිරිමින් ඔයවගේ ශරීරය වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ නෑ කියලා. 

ඒකත් ඔහු නොදැනුවත් කමින් ලියපු එකක් කියලා හිතලයි මං හිතන්නේ. මධුරංග සහෝදරයා දැකලා නැති උනාට බොහෝ මුස්ලිම් පිරිමින් මුළු ශරීරයම වැසෙන පරිදි අඳිනවා ඒ වගේම තොප්පියකින් හිසත් ආවරණය කරනවා. සෞදී අරාබියේ නම් සමස්තයක් ලෙස සියලුම පිරිමන් එහෙම තමා අඳින්නේ. 


ඉස්ලාම් දහම තරම් වෙන කිසිම දහමකට කුමණ්ත්‍රණ, මඩ ප්‍රහාර හා අසත්‍ය ප්‍රචාර එල්ලවී නෑ.  ඒකට හේතුව දන්නෝ දනිති  ලෝකයේ තියෙන එකම සත්‍ය මාර්ගය ඉස්ලාම් ආගම බව[එල ඇති ගහටයි ගල් ගහන්නේ. ].නමුත් දිගු කාලීනව රැකගෙන ආ තමන්ගේ ප්‍රතිපත්තිය අතහැරීමට අකමැති අන්ය ආගමික  ජාතිවාදී සුළුතරයක් විසින් ගෙනයනු ලබන කුමණ්ත්‍රණකාරී අසත්‍ය ප්‍රචාරවලට හසු වී සමහරක් අන්ය ආගමික සහෝදරයින් වැරදි ලෙස ඉස්ලාම් දහම වටහාගෙන ඉන්නවා. ඒ නිසා මං ඉල්ලා සිටිනවා සියලුම අන්‍ය ආගමික සහෝදරයින්ට යම්කිසි දෙයක් පිළිබඳව මතයක් ප්‍රකාශ කරන්න කළින් ඒ පිළිබඳව හොඳින් අධ්‍යන කළාට පසු තමන්ගේ මතය ප්‍රකාශ කරන ලෙස.  

ලියන්න තව හුඟක් දෙවල් තිබ්බත් වේලාව මදිකම නිසා මුලික කරුණු විතරක් ලිව්වා.

  අවසාන වශයෙන් කියන්න ඕන මුස්ලිම් කාන්තාවන් පිළිබඳව අනුකම්පාවක් දිලීප සහෝදරයාට වගේම අනිකුත් සහෝදරයාට ඇතීවීම මට පුදුමයක් හට ගන්නවා. මොකද ඉස්ලාම් දහම තුළ මුස්ලිම් කාන්තාවක් තම ජිවීතය ඉතා සතුටින් ගත කරනවා.

දීලීප සහෝදරයාගේ බ්ලොගයේ ඔහු ගැන යමක් දැනගන් ගියමට බලන්න ලැබුනේ මෙහෙම එකක්  "උපරිම ආතල් ගන්න..පිස්සුම ඩයල් එකක්...වලියක්නම් බොක්කෙන්ම"
මෙතැනදී ආතල් කියන වචනෙට නිර්වචනය මං දන්නේ නැති හින්දා ඒක ගැන මොකුත් කියන්නේ නෑ.නමුත් දෙවැනියට සඳහන්  කාරණය නිසාදෝ දිලීප සහෝදරයා ඔය ලිපිය ලිව්වේ කියලා මට යම් සැකයක් මතුවෙනවා. තමන් පිස්සෙක් කියලා කියන සහෝදරයා පිළිබඳව අවංකවම මං අනුකම්පා කරනවා කණගාටු වෙනවා. කෙසේ වෙටත් දිලීප සහෝදරයාට මින් ඉදිරියට මීට වඩ හොඳ අධ්‍යනයකින් පසුව මීට වඩා හොඳ හරවත් ලිපි ලිවීමටත් ඔහුගේ අනාගතය යහපත් සුභ අනාගතයක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

ඉස්ලාම් ආගමට විරුද්ධව ගහන ගහන තරමට ඉස්ලාම් ආගම ශක්තිමත්වනු ඇත. නොනැවති ඉදිරියට යන්නෙමු. 

ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි






















14 comments:

Anonymous said...

මචං මම බෞද්ධ... ඒත් බං මං දැනටත් මුස්ලිම් යාළුවෝ ආශ්‍රය කරනවා. ඇත්තෙන්ම මහ ගොඩක් නැති වුනාට පොඩි දැනුමක් තියෙනවා.

ඒත් බං උඹේ ලිපිය නිසා මං ගොඩක් දේවල් දැනගත්තා. මට විවේචන කරන්න නම් දෙයක් නෑ, ඒත් බං දිලීපටයි උඹටයි දෙන්නටම බොහොම ස්තූතියි. දීලිප කවදාවත් අරවගේ ලිපියක් ලිව්වේ නැත්තං උඹ මේ පෝස්ට් එක දාන එකකුත් නෑ...

තෑන්ක්ස් මචෝ, ගොඩක් දේවල් දැනගත්තා.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කතෝලික ආගමේ සොහොයුරියන් ආගම වෙනුවෙන් කැප වෙච්ච අය , ඔය ගොල්ලන්ගෙ ඔය විදිහෙ ඇඳුම් අදින්නෙ සාමාන්‍ය ගැහැනු අය . ඔය කියන විදිහේ නීතී දාල නැත්නම් සාතිශය බහුතරයක් ඒ විදිහට අඳින්නෙ ඇයි ? කියල අපිට ප්‍රශ්නයක් මතුවෙනව . වෙන කිසිම ආගමක කාන්තාවන් ඔය වගේ එකම පාට , එකම විදිහේ ඇඳුම් අදින්නේ නැ . මොකක්ද ඒ කට හේතුව

Asanka Udayanga said...

"ලෝකයේ තියෙන එකම සත්‍ය මාර්ගය ඉස්ලාම් ආගම"...හිකිස්ස් පිස්සුවක් ඇතෑයි...උඹලයි ආගමේ අන්ය ආගමිකයින් මරන්න කියලා තියෙන්නේ එවා එතකොට හරිද අහවල් එක තමයි,බොලයි ආගම තියෙන්නේ බඩු ගහන්නයි මිනී මරන්නයි,කාලකන්නි හෑතිකරේ

සහෝදර එකමුතුව said...

ප්‍රසන්න86k සහෝදරයා ඔබව සාදරයෙන් පිළිගන්නවා.. දෙවි පිහිටයි...

සහෝදර එකමුතුව said...

බුවා සහෝදරයා අපිත් ආගමට කැප වුනු අය.යම් දෙයකට කැපවීමක් කියන්නේ මොකද්ද? ඒ දේ විතරයි විතරයි වෙන කිසිම දෙයක් කරන්න බෑ කියන එකද? නෑ.දැන් අපි අම්මා වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. ඒ වගේම අම්මාගේ අවවාද සහ අනුශාසනා අරගෙන අපි අපේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා, විවාහකනම් පවුල ගැන සොයලා බලනවා, ව්‍යාපර කටයුතුත් කරගෙන යනවා වගේම අපේ අනෙකුත් අවශ්‍යතාත් අපි ඉටු කරගන්නවා. මුස්ලිම්වරුන් වන අපිත් ඒ වගේ ඉස්ලාම් ආගමට කැප වෙලා ඉන්නවා. ඒ වගේම ඉස්ලාම් ආගම කියල දීපු විදිහට අපි ජීවත් වෙනවා.මුස්ලිම් ආගමේ අන්‍ය ආගම් වගේ විශේෂ පූජකවරුන් නෑ. පල්ලිය භාරව ඉන්න මුස්ලිම් සහෝදරයන් වුනත් විවාහ වෙලා පවුල් ජිවතයක් ගත කරනවා ඉස්ලාමය කියල දීපු විදිහට. දැන් මට වුනත් පල්ලියකට ගිහින් පස්වේලේ සලාතය මෙහෙයවන්න පුළුවන්. මොකද මුස්ලිම්වරුන් වන අපි හැමෝම ඉස්ලාමය ගැන ඉගෙනගන්නවා ඒ වගේම ඉස්ලාමයට කැප වෙලා ඉන්නවා.කතෝලික සහෝදරියන් ආගමට කැප වුනාට ඔවුනුත් ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකරනවා විවාහය හැර[මා දන්නා පරිදි බයිබලයේ කාටවත් අණ කරලා නෑ විවාහ නොවී සිටින්න කියල]. කනවා , බොනවා, රැකියා කරනවා [ මගේ පාසලේ කතෝලික සහෝදරියන් ගුරුවරුන් ලෙස සේවය කරනවා.මුස්ලිම් වරුන් වන අපිත් අපේ ආගමට කැප වෙලයි ඉන්නේ ඒ වගේම අපේ අවශ්‍යතාවයන් ඉස්ලාමය කියල දීපු විදිහට ඉටුකරනවා.

අනුන්ට කරදරයක් නොවන විනීත සංවර ඇඳුමක් අඳින්න ඉස්ලාමයෙන් අවසර දීලා තියෙනවා. එතකොට මුස්ලිම් කාන්තාවන් බහුතරයක් එහෙම අඳින්න කැමති එහෙමනම් ඒක කාටවත් ගැටලුවක් නෙමෙයි. මොකද ඒක ඔවුන්ගේ ස්ව කැමැත්ත.කෙනෙකුගේ කැමත්තට බලපෑම් කරන්න අපිට අයිතියක් නෑ. අනෙකුත් කාන්තාවන් ඩෙනිම් , කොට සාය සහ තම ශරීර අවයවයන් පෙනෙන පරිදි නොයෙකුත් අසංවර අඳුම් ඇඳීම ඔබලාට ප්‍රශ්නයක් නොවේ. බුවා සහෝදරයා හවස් වේලාවේ ඔබ යම් කඩේකට යනවා කෑමක් කන්න එතැන කඩේ ඉස්සරහම පාරේ යන එන හැමෝටම පේන විදිහට තියෙලා තියෙනවා සිනීසම්බල් දාපු පාන් කාලක්.මේ පාන් කෑල්ල උදේ ඉඳලා හවස වෙනකම් පාරේ යන එන ඔක්කෝම බලාගෙන යන්නේ. දැන් බුවා සහෝදරයා පාන් කෑල්ලක් ගන්න ඕන වුනාම සහෝදරයා ගන්නේ ඔය කඩේ ඉස්සරහම තිබ්බ ඔක්කෝම වගේ බලාගෙන ගිය පාන් කෑල්ලද නැත්තම් හදලා කඩේ ඇතුලේ තියෙන පාන් කෑල්ලද? සහෝදරයා යනවා මොබයිල් එකක් ගන්න එතැන තියෙනවා ප්‍රදර්ශනයට තිබ්බ මොබයිල් එකක්.දැන් සහෝදරයා කැමති වෙනවා ඒ වර්ගයේ මොබයිල් එකට.නිකන් හරි ප්‍රදර්ශනය සඳහා තිබ්බ මොබයිල් එක දුන්නොත් සහෝදරයා කැමති වෙනවද? නෑ ..හේතුව ඒක හැමෝම වගේ අතපත ගාපු එකක්. සහෝදරයා ඉල්ලන්නේ ස්ටෝර් එකෙන් එකේ තියෙන මොබයිල් එකක්. මං දැන් කිව්වේ උදාහරණයක්. ඔය වගේ තමා අපි අනාගතය විවාහ වෙන්න ඉන්න කාන්තාව, අපේ සහෝදරිය හෝ අපේ මව අනිත් පුද්ගලයන්ට තමන්ගේ අවයවන් පෙනෙන පරිදි ඇඳුම් ඇඳීම හරිද... පිරිම අපි වුනත් අඳින්න ඕන විනීත ලෙස.

පාට නම් සහෝදරයා මං ලිපියේ කියපු විදීහට තමන්ට කැමති පාටක් තෝරගන්න පුළුවන්. දැන් අනිත් ආගම් වල එහෙම නැති එකට ඉස්ලාමය වගකියන්න ඕන නෑ.ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. ජපාන සම්ප්‍රදායික ඇඳුම බැලුවත් ඔවුනුත් හිස හස මුහුන හැර මුළු ශරීරයම වැසෙන පරිදි තමා කාන්තාවන් හා පිරිමින් ඇඳුම් අඳින්නේ. තවත් මේ ගැන ගැඹුරින් හොයලා බැලුවනම් තවත් කරුණු කාරනා අපිට දැනගන්න පුළුවන්. බුදු හාමදුරුවන්ගේ දේශණා අනුවත් කාන්තාවන් හැසිරිය යුතු ආකාරය කියලා දීලා තියෙනවා. මට ධම්ම පදය මතක නෑ පුළුවන් නම් හාමදුරුකෙනෙකුගෙන් විමසන්න බුදුහාමදුරුවෝ දේශ්නා කරලා තියෙන විදිහට කාන්තාවක් හිනාවෙනකොට ඇයගේ දත් නොපෙන්විය යුතුයි. මේවගේ හුඟක් කාරණ තිබ්බට කාලය මදිකම නිසා මෙතැනින් නවත්තනවා.

ප්‍රතිචාරය ස්තූතියි..ඔබට දෙවි පිහිටයි

සහෝදර එකමුතුව said...

අසංක සහෝදරයා රයිට් සහෝදරයෝ ගුවන් යානයගැන මුලින්ම කතා කරනකොට සහෝදරයා වගේ පටු දැනුමක් ඇති අය කිව්වෙත් "හිකිස්ස් පිස්සුවක් ඇතෑයි" කියන එකයි. කොච්චර විවෙචන එල්ල වුනත් ඔවුන් ඔවුන්ගේ ක්‍රියාව නොනැවතී ඉදිරියට ගෙන ගියා අවසානයේදී ඔවුන් ජයගත්තා. ඒ වගේ අපිටත් කොච්චර විවෙචන , මඩ ප්‍රහාර, අසත්‍ය ප්‍රකාශ එල්ල වුනත් අපි අපෙ ගමන් නොනැවති ඉදිරියටම යනවා. ජයගන්නවා[ස්වර්ගයට ඇතුල් වෙනවා].

ඉස්ලාමය කොහෙද අන්‍ය ආගමිකයින් මරන්න කියලා තියෙන්නේ? එහෙමනම් අරාබී මහද්වීපයේ මුස්ලිම් රටවල් වල ජීවත් වෙන ක්‍රිස්තියානුවෝ එක් කෝටි හතලිස් ලක්ෂයක් සහ අන්‍ය ආගමිකයින් මරලා තියෙන්න ඕන. සහෝදරයා මතුපිටින් බලාගෙන හදිසි නිගමන වලට එන්න එපා. නබි තුමාගේ කාලේ ඉස්ලාමය නොපිළිගත් අය මුස්ලිම්වරුන් සමග යුද්ධයකට ආවා. එතැනදී අපිටත් යුද්ධ කරන්න සිදුවුනා.ඒ වෙලාවෙදී අල්ලාහු තාආලා නබිතුමාට අණ කලා ඔවුන් ඉදිරියට එන විරුද්ධවාදී අන්‍ය ආගමිකයින් මරා දමන්න කියලා. නැත්තන් සිදුවන්නේ අපිට මැරෙන්නයි.

එහෙම නැතුව අල් කුරානයේ හෝ අල් හදීසයේ කිසිම තැනක සඳහන් වෙලා නෑ පාරේ යන එන කොට හමුවෙන හැම අන්‍ය ආගමිකයින්වම මරන්න කියලා. ඉස්ලාමය කියලා තියෙන්නේ අන්‍ය ආගමිකයින්ට ගරු කරන්න ඔවුන්ගේ හැඟීම් වලට ගරු කරන්න ඔවුන්ට උපකාර කරන්න කියලයි. අන්‍ය ආගමිකයෙකුගේ මළ සිරුරක් අරන් යනවානම් නැගී සිටිමින් ආචාර කරන්න කියලයි ඉස්ලාමය අපිට කියලා දීලා තියෙන්නේ. කුරානයේ තියෙන්නේ එක වාක්‍යයක් විතරක් අරගෙන ඉස්ලාමය විවෙචනය කරන්න එපා. මුළු මනින්ම කුරානය කියවන්න ඉස්ලාමය හොඳින් අධ්යනය කරන්න. පොතක වාක්‍ය දෙක තුනක් කියවගෙන පොතක් ගැන නිගමනයට එන්න හෝ ඒක විවෙචනය කරන්න බෑ.

දැන් අසංක සහෝදරයා කියලා තියෙන අනෙකුත් චෝදනා වුනත් කිසිම පදනමක් නැතුව කරපු චෝදනා. දැන් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, යුදෙව්වන්, අන්‍ය ආගමිකයින් සහ ආගම් අදහන්නේ නැති අය ඔය වැරදී කරන්නේ නැද්ද? නෑ කරනවා... එහෙනම් එහෙම වැරදි කරන්න කියලා ඔවුන්ට කියලා තියෙන්නේ ඔවුන්ගේ ආගමද? නෑ... එහෙම කෙනෙකු වැරද්දක් කළ පලියට ඔහු අදහන ආගම අදහන සියලු දෙනාත් ඔහුගේ ආගමත් වැරදි කරුවෝ වෙනවාද?..නෑ..එහෙනම් ඇයි ඉස්ලාමය ගැන විතරයි කිසිම පදනමක් නැතුව මෙච්චර දරුණු ලෙස විවෙචනය කරන්නේ. හේතුව එල ඇති ගහටයි ගල් ගහන්නේ . කොච්චර ගැහුවත් ඒ ගහන ගහන තරමට අපි ශක්තිමත් වන්නෙමු.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉස්ලාම් දහම ගැන ඔච්චරටම පහත් ලෙස විවෙචනය කරන සහෝදරයා අදහන ආගම විසින් ඔයවගේ පහත් භාශා යොදාගෙන කිසිම පදනමක් නැතුව අන්‍ය ආගමිකයින්ගේ හැඟීම් වලට ගරු නොකර අන්‍ය ආගමකට විවෙචනය කරන්න සහෝදරයට නිදහසක් ලබලා දීලා තියෙනවාද? ..... සහෝදරයාගේ ප්‍රතිචාරයට මං ස්තූති වන්ත වුනත් ඔහුගේ පහත් භාශා භාවිතයට මගේ කණගාටුව ..ඒ වගේම අසංක සහෝදරයාට තමාව පාලනය කරන්න තරම් ශක්තියක් හා විවෙචන දරාගන් පුළුවන් තරම් ශක්තියක් නොමැති වීම පිළිබඳව මගේ අනුකම්පාව... සහෝදරයා යම් දෙයක් ගැන ගැටලුවක් තියෙනවානම් එය හොඳින් අධ්‍යනය කරන්න..වැදගත් ලෙස සාකච්චා කරන්න.....දෙවි පිහිටයි.

රවින් said...

මම දිලීපගේ පෝස්ට් එක තාම දැක්කේ නෑ. ඒත් ඔබේ ලිපියෙන් මම මට තිබුන අපැහැදිලි තැන කීපයක් පැහැදිලි වුනා. ඒ වගේම ඔබ කරුණු ඉදිරිපත් කර තිබෙන සංයමය සහ පිළිවෙල ගොඩාක් හොඳයි. මේ ලිපිය ඇත්තටම හොදයි. මම අරක කියවලා ආයෙමත් මේ පැත්තේ එන්නම් පුළුවන් වුනොත්. ස්තූතියි පැහැදිලි කිරීම්වලට....

Unknown said...

මම හැක් කරන්න එපා කියල තියෙන්නේ ඔය වගේ ඉසෙල්ලා ප්‍රශ්නයක් උන නිසා සහෝදරයා.මීට කලින් උන දේවල් දන්නවනේ මේ විදිහටම ඒකයි.
මම මෙතැනදී මගේ පොස්ට් එකේ කොතනකවත් සඳහන් කරලා නැ මුස්ලිම් ගැණු අය කලුපාට ඇදුමකින් මුණ වහගෙන ඉන්නවා කියල.මම කියල තියෙන්නේ මට ඇදගෙන ඉන්න බැ කියල.එකේ ප්‍රශ්නයක් නැනේ?
මම කතෝලික.සහෝදරයා මෙතැනදී සදහන් කරන්නේ අපේ කන්‍යා සොහොයුරියන් ගැන.එත් මම මෙතැනදී කතා කරලා තියෙන්නේ මුස්ලිම් කාන්තාවන් ගැන.
සොහොදරය වෙසක් එකට mask ගෙන පිස්සු නටන එක ඇවිල්ල විනෝදයට කරන දෙයක්නේ.එකේ වෙන දෙයක් නැනේ.එත් මගේ මුස්ලිම් යාලුවෙක් නම් කිව්වේ ස්වාමියා කිව්වොත් ඒ කාන්තාව නියතයෙන්ම මුණ වහන්න ඕනිලු.
ඔව් මම ස්කොලේ ගිහිල්ල තියෙනවා සහෝදරයා.එකනේ කියල තියෙන්නේ අපේ ස්කොලේ ගාවටත් කට්ටිය එනවා කියල.ඔව් අපේ ස්කොලේ ටයි එක දානවා.අපි මුළු පාසල් වෙලාවේම ඉන්නේ ටයි එක දාගෙන.අපේ ස්කෝලෙට එන මුස්ලිම් ගැනුලමයිනුත් ඉන්නේ ස්කාෆ් එක දාගෙන.
සහෝදරයා මම කියල තියෙන්න දේ දන්නේ මව අස්සරේ කරන අය.එක නිසා මම මොනවගේ පිස්සු නැටුවත් එක ඔය සහෝදරයට විවේචනය කරන්න බැ.මොකද මම කොයි වගේද ඔයාට විනිශ්චය කරන්න බැ.ඔය මගේ ගැන දන්නේ නැති නිසා.අනිත් දේ තම සහෝදරයා මගේ ගැන කණගාටු වෙන්නවත් අනුකම්පා කරන්නවත් එපා.එකට කට්ටිය ඉන්නවා.
අවසාන වශයෙන් කියන්න කැමති මම කිසිම ආගමකට ඇගිල්ල දික් කරලා කතා කරලා නැ.

රවින් said...

මමත් විශ්වාස කරන්නේ දිලීපගේ පෝස්ට් එකේ ඉස්ලාම් ලබ්ධිකයන්ගේ හිත රිදෙන්න තරම් ප්‍රකාශයක් නැති බවයි.ඔබ ඔහුගේ පුද්ගලිකත්වය විවේචනය කිරීම කිසිසේත්ම මමද අනුමත නොකරමි. ඔබගේ හිත රිදුනේ එම ලිපිය නිසා නොව එම ලිපියට වැටී තිබුණු කෙම්න්ටු නිසා විය හැක. ඒවාට පිළිතුර මෙහි පැහැදිලිව සඳහන් කිරීම ඇත්තටම හොඳයි. ආගමක් ගැන වාද කිරීමේදී අන්තවාදීන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩ ඇති බැවින් මගේ අදහස නම් මෙවැනි සංවාද ඉතා ප්‍රවේශමෙන් කල යුතු බවයි.

සහෝදර එකමුතුව said...

රවීන් සහ දිලීප් සහෝදරයන්ට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ස්තූතියි...

මං කිසිසේත්ම පෞද්ගලිකව දිලීප් සහෝදරයා ගැන කතා කලේ නෑ. ඔහු ගැන ඔහුගේ අර්ථකථනයන් තමා මං මගේ ලිපියට යෝදාගත්තේ. එයින් ඔහුගේ පෞද්ගලිකත්වයට හානි වුනා නම් ඔහුගෙන් සමා අයදිනවා.ඒ වගේම කතෝලික සහෝදරියන් හා මුස්ලිම් කාන්තාවන් පිළිබඳව පොඩි හැඳින්වීමක් කලා ඒක කියලවලා බලන්න. මං කතෝලික සහෝදරියන්ට හුඟක්ම ගෞරව කරන කෙනෙක්. ඔවුන් මගේ පාසලේ ගුරුවරුන් බවටත් මං මගේ ලිපියේ කියලා තිබ්බා. අනිත් කාරණය මං පාසැල ගැන කිවිවේ සහෝදරයා පාසැල් ගිහින් නෑ කියලා අදහස් කරන්න නෙවෙයි.ඒ ලිපිය ලිවීමෙදී ඒ විදිහට ලියන්න අවශ්‍ය වුනා. ඒ වගේම මං ක්සිම තැනකදී සහෝදරයාව විවෙචන කරලවත් විනිශ්ය කරලවත් නෑ.මං කලේ සහෝදරයාගේ බ්ලොග් එකේ සහෝදරයා ගැන සහෝදරයා විසින්ම දක්වපු අර්ථකථනය පිළිබඳව මගේ යම් අදහසක් දක්වපු එක විතරයි. අපි හැමෝටම අදහස් දක්වන්න අයිතියක් තියෙනව. එහෙම අයිතියක් තියෙන හින්දා තමා නොදැනුවත්භාවයෙන් සහෝදරයා මුස්ලිම් කන්තාවන් පිළිබඳව අදහසක් දක්වලා තිබ්බේ.අනිත කාරනය සහෝදරයා ඔබගේ මුස්ලිම් මිතුරෙක් කියු පලියට එයයි ඉස්ලාමය බවට පත්වනෙනේ නෑ. ඔහු ඔහුගේ නොදැනුවත්භාවයෙන් එහෙම ප්‍රකාශයක් කරලා ඇති. අපිට තියෙන උ\පෙළ ගණිත ගැටලුවකට සා\පෙළ ගණිත ගුරුවරයෙකුගෙන් පිළිතුරක් බලපොරොත්තු වෙනවානම් ඒක වැරදියි.ඒ විදිහට ඒ ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු බැඳීමට සුදුසුකම් ඇති අයගෙන පිළිතුරු ලබාගන්න. කෙසේ වෙතත් මගේ මේ ලිපියෙන් නොදැනුවත්කමින් සහෝදරයාගේ පෞද්ගලිකත්වයට යම් හානියක් වුන්නනම් සමාව අයදිනවා. ඔබට දෙවි පිහිටයි.

රවීන් සහෝදරයාටත් බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට.සහෝදරයා කිව්ව වගේමා ඔය ආගමික ප්‍රකාශ වලට මං පිළිතුරු බඳින්න යන්නේ නෑ.මොකද අන්තවාදීන් නිකරුනේ ප්‍රශ්න ඇතිකරගන්න පුළුවන්.නමුත් මෙහෙදී දිලීප සහෝදරයා වැරදි නම් නිවැරදි කරන්න කියපු හින්දත් ඔහුට පැහැදිලි කලාම දැනුවත් වෙයි යන විශ්වාශයෙන් තමා මං මේ ලිපිය ලිව්වේ. ඔබට දෙවි පිහිටයි.

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

දිලිප සහ සහෝදර එකමුතුව මම එදා කිවුවෙ ඈත්ත මාව ව්ශ්වාස නෑත්තම් මෙක බලන්න මෙක මගෙ බොලොග් එක නෙමෙ මාව ප්‍රසිද කිරිමකුත් නෙමෙ මෙක බලන්න sanskhara.blogspot.com/2010/09/video.html?utm_source=feedb

සහෝදර එකමුතුව said...

සහෝදරයා ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට...ඔබ දුන්න විඩියෝ පටය මං නැරඹුවා. අතිශය සංවේදී විඩියෝ පටයක්. හරියට චැනල් 4 නාලිකාවෙන් නිකුත් කරපු විඩියෝ පට වගේ. මේ ගැන දන්නේ නැති මිනිසුන් ඔබගේ මාතෘකාවල බලලා වැරදි තීරනයකට එන්න පුලුවන්. සහෝදරයා ඔබ මොන පදනමින්ද මේක සෞදි අරාබියාවේ...ඉස්ලාම් නිතීය අනුව සිදුවුනු..මුස්ලිම්වරුන් විසින් දුන් දඩුවමක් ලෙස ප්‍රකාශ කරන්නේ? කිසිම පදනමක් නෑ..කිසිම සාක්ෂියක් නෑ.. පසුබිමේ කුරාන වැකි ගිය පමණින් එය මුස්ලීම් වරුන් විසින් සිදුකලා යන්න අදහස් කරනවද?....මං ඉහතින් කියූ පරිදි කුමණ්ත්‍රන කරුවන් විසින් ගෙන යනා මඩ ප්‍රහාර වලින් එකක් මේකත්.

මුස්ලිම්වරුන් විතරද යුද්ධ කරන්නේ?....මැදපෙරදිග අසරණ නිරායුධ ජනතාව මරමින් ත්‍රස්තවාදය පතුරවන්නේ කවුද කතෝලික හා ක්‍රිස්තියානි ආගම අදහන නායකයින් ජනතාව සිටින බටහිර රටවල්...පලස්තීනයට ප්‍රථමාධාර ගෙන ගිය නෞකාවට වෙඩි තමබින් එකෙ සිටිය අයව මැරුවේ කවුද? යුද්දේවන් ..... ඒ වගේම බෞද්ධ ධර්මය අදහන ථෙරවාදී බුදු දහම අදහන රටක් වන අපිත් යුද්ධයක් කලා. එකේදීත් මිනිසුන් මැරුනා. සත්ව ඝාතනය තහනම් යැයි පැවසු භික්ෂුන් වහන්සේලාම යුද්ධයෙදී මිනිසුන් මැරීම සාධරණය කලා. ඒ වගේ සහෝදරයා හැම දේකටම යම් හේතුවක් තියෙනව. අපේ රට විනාශ වෙන එක වලක්වන්න ඕන නිසා යුද්ධයක් කරලා ත්‍රස්තවාදය නැතිකලා. බටහිර රටවල් මැදපෙරදිග රටවල් ආක්‍රමණය කරන්නේ තෙල් වෙනුවෙන්. ඒ සඳහා ඔවුන් පවසන්නේ මුස්ලිම් වරුන් ත්‍රස්තවාදීන්බව . ඉස්ලාම් දහමට තවත් විවිධ චෝදනා ඉදිරිපත් කරන්නේ එයයි සත්‍ය මාර්ගය කියලා දන්න නිසා. එල ඇති ගහටයි ගල් ගහන්නේ.

සහෝදරයා ඉස්ලාමය හරි හැටි අවබෝධකරගත්තනම් ඔය කිසිම ගැටලුවක් ඇතිවන්නේ නෑ. බාගෙට අවබෝද කරගෙන, ජාතිවාදීව හිටියෝත් ඔය වගේ ගැටලු ඇතිවෙනවා. දැන් මං දන්න තරමින් ලොව සියලුම ආගම් වලට කියලා තියෙන්නේ අන්‍ය ආගම්වලට ගරු කරන්න කියලා. එහෙම කියලා තියද්දීත් සම්හරුන් ඉස්ලාම් ධර්මයට කිසිම පදනමක් නැතිව පහත් ලෙස මඩ ගහනවා.එලෙස මඩ ගහන අය තමන් අදහන ආගමහරියට පිළිපඳින අයද?..නෑ...තමන්ගේ වැරදි සීයයක් තියාගෙන අනුන්ගේ නැති වැරදී හොයන එකම තමන්ගේ එකම කාර්‍ය කරගෙන ඉන්න පුද්ගලයින් ගැන ඇත්තටම ඇනුකම්පා කරනවා.

සහෝදරයා ඉහත සඳහන් ප්‍රකාශ සම්සතයක් වශයෙන් කල ප්‍රකාශයක් මිස ඔබට කරපු ප්‍රකාශයක් නොවන බව කරුණවෙන් සලකන්න.

අවසාන වශයෙන් කියන්න ඕන මැදපෙරදිග රටවල් ආක්‍රමණය කිරීමට සහයෝගය දුන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ගේ බිරිඳගේ එකේ කුසේ උපන් සහෝදරිය වන මාධ්‍යවේදී ලොරෙන් බූත් මහත්මිය ඉස්ලාමය හරිහැටි අවබෝද කරගැනීමෙන් පසුව ගිය වසරේදී ඉස්ලාම් ආගම වැලඳගනු ලැබුවා.[For More Details: http://www.dailymail.co.uk/news/article-1323278/Tony-Blairs-sister-law-Lauren-Booth-converts-Islam-holy-experience-Iran.html] ඉතින් ඉස්ලාමය තුල කාන්තා නිදහසක් නැත්තම්, කාන්තාවන් වහල් ලෙස සලකයි නම්, ඉස්ලාමය කුරිරු නම් බටහිර මාධ්යවේදිනියක් වන ඇය ඉස්ලාම් ආගම වැලඳගනීද...එකයි මා නැවත් නැවත් කියන්නේ ඉස්ලාමය හරි හැටි අවබෝධකරගන්න. අල් කුරානය මුලුමනින් කියවන්න අල් හදීසය මුළුමනින් කියවන්න. සත්‍ය මාර්ගය වටහාගන්න. ඔබට දෙවි පිහිටයි

Ahamed said...

සහෝදරයා..මම අද තමයි පළමු වතාවට ඔබගේ බ්ලොග් එකට විසිට් කරේ..ඒක ඉතාම හොඳයි.ඔබට තව තවත් ශක්තිය ලැබෙන්න ඔන කියා මා අල්ලාහ්ගෙන් ප්‍රාර්තනා කරමි..ඔබගෙ ලිපි වල විලාශය වච්න භාවිතය ඉතා අගනේය..ඔබට ජය.

Post a Comment