on Tuesday, June 14, 2011 | 5 comments
අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමු.


මගේ කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාර දෙකකට ඔවුන් පිළිතුරු බලපොරොත්තු වුනා. ඒ වගේම ඒ පිළිතුරුත් ප්‍රතිචාරයක් ලෙස සටහන් කලා. නමුත් කියවන්නන්ගේ පහසුව පිණිස ඒ සහෝදරයන්ගේ ගැටලුත් ඒ සඳහා පිළිතුරුත් වෙනම ලිපියක් ලෙස මෙහෙම ලියනවා.


buwa said...

කතෝලික ආගමේ සොහොයුරියන් ආගම වෙනුවෙන් කැප වෙච්ච අය , ඔය ගොල්ලන්ගෙ ඔය විදිහෙ ඇඳුම් අදින්නෙ සාමාන්‍ය ගැහැනු අය . ඔය කියන විදිහේ නීතී දාල නැත්නම් සාතිශය බහුතරයක් ඒ විදිහට අඳින්නෙ ඇයි ? කියල අපිට ප්‍රශ්නයක් මතුවෙනව . වෙන කිසිම ආගමක කාන්තාවන් ඔය වගේ එකම පාට , එකම විදිහේ ඇඳුම් අදින්නේ නැ . මොකක්ද ඒ කට හේතුව

බුවා සහෝදරයා අපිත් ආගමට කැප වුනු අය.යම් දෙයකට කැපවීමක් කියන්නේ මොකද්ද? ඒ දේ විතරයි විතරයි වෙන කිසිම දෙයක් කරන්න බෑ කියන එකද? නෑ.දැන් අපි අම්මා වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. ඒ වගේම අම්මාගේ අවවාද සහ අනුශාසනා අරගෙන අපි අපේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා, විවාහකනම් පවුල ගැන සොයලා බලනවා, ව්‍යාපර කටයුතුත් කරගෙන යනවා වගේම අපේ අනෙකුත් අවශ්‍යතාත් අපි ඉටු කරගන්නවා. මුස්ලිම්වරුන් වන අපිත් ඒ වගේ ඉස්ලාම් ආගමට කැප වෙලා ඉන්නවා. ඒ වගේම ඉස්ලාම් ආගම කියල දීපු විදිහට අපි ජීවත් වෙනවා.මුස්ලිම් ආගමේ අන්‍ය ආගම් වගේ විශේෂ පූජකවරුන් නෑ. පල්ලිය භාරව ඉන්න මුස්ලිම් සහෝදරයන් වුනත් විවාහ වෙලා පවුල් ජිවතයක් ගත කරනවා ඉස්ලාමය කියල දීපු විදිහට. දැන් මට වුනත් පල්ලියකට ගිහින් පස්වේලේ සලාතය මෙහෙයවන්න පුළුවන්. මොකද මුස්ලිම්වරුන් වන අපි හැමෝම ඉස්ලාමය ගැන ඉගෙනගන්නවා ඒ වගේම ඉස්ලාමයට කැප වෙලා ඉන්නවා.කතෝලික සහෝදරියන් ආගමට කැප වුනාට ඔවුනුත් ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකරනවා විවාහය හැර[මා දන්නා පරිදි බයිබලයේ කාටවත් අණ කරලා නෑ විවාහ නොවී සිටින්න කියල]. කනවා , බොනවා, රැකියා කරනවා [ මගේ පාසලේ කතෝලික සහෝදරියන් ගුරුවරුන් ලෙස සේවය කරනවා.මුස්ලිම් වරුන් වන අපිත් අපේ ආගමට කැප වෙලයි ඉන්නේ ඒ වගේම අපේ අවශ්‍යතාවයන් ඉස්ලාමය කියල දීපු විදිහට ඉටුකරනවා.

අනුන්ට කරදරයක් නොවන විනීත සංවර ඇඳුමක් අඳින්න ඉස්ලාමයෙන් අවසර දීලා තියෙනවා. එතකොට මුස්ලිම් කාන්තාවන් බහුතරයක් එහෙම අඳින්න කැමති එහෙමනම් ඒක කාටවත් ගැටලුවක් නෙමෙයි. මොකද ඒක ඔවුන්ගේ ස්ව කැමැත්ත.කෙනෙකුගේ කැමත්තට බලපෑම් කරන්න අපිට අයිතියක් නෑ. අනෙකුත් කාන්තාවන් ඩෙනිම් , කොට සාය සහ තම ශරීර අවයවයන් පෙනෙන පරිදි නොයෙකුත් අසංවර අඳුම් ඇඳීම ඔබලාට ප්‍රශ්නයක් නොවේ. බුවා සහෝදරයා හවස් වේලාවේ ඔබ යම් කඩේකට යනවා කෑමක් කන්න එතැන කඩේ ඉස්සරහම පාරේ යන එන හැමෝටම පේන විදිහට තියෙලා තියෙනවා සිනීසම්බල් දාපු පාන් කාලක්.මේ පාන් කෑල්ල උදේ ඉඳලා හවස වෙනකම් පාරේ යන එන ඔක්කෝම බලාගෙන යන්නේ. දැන් බුවා සහෝදරයා පාන් කෑල්ලක් ගන්න ඕන වුනාම සහෝදරයා ගන්නේ ඔය කඩේ ඉස්සරහම තිබ්බ ඔක්කෝම වගේ බලාගෙන ගිය පාන් කෑල්ලද නැත්තම් හදලා කඩේ ඇතුලේ තියෙන පාන් කෑල්ලද? සහෝදරයා යනවා මොබයිල් එකක් ගන්න එතැන තියෙනවා ප්‍රදර්ශනයට තිබ්බ මොබයිල් එකක්.දැන් සහෝදරයා කැමති වෙනවා ඒ වර්ගයේ මොබයිල් එකට.නිකන් හරි ප්‍රදර්ශනය සඳහා තිබ්බ මොබයිල් එක දුන්නොත් සහෝදරයා කැමති වෙනවද? නෑ ..හේතුව ඒක හැමෝම වගේ අතපත ගාපු එකක්. සහෝදරයා ඉල්ලන්නේ ස්ටෝර් එකෙන් එකේ තියෙන මොබයිල් එකක්. මං දැන් කිව්වේ උදාහරණයක්. ඔය වගේ තමා අපි අනාගතය විවාහ වෙන්න ඉන්න කාන්තාව, අපේ සහෝදරිය හෝ අපේ මව අනිත් පුද්ගලයන්ට තමන්ගේ අවයවන් පෙනෙන පරිදි ඇඳුම් ඇඳීම හරිද... පිරිම අපි වුනත් අඳින්න ඕන විනීත ලෙස. 

පාට නම් සහෝදරයා මං ලිපියේ කියපු විදීහට තමන්ට කැමති පාටක් තෝරගන්න පුළුවන්. දැන් අනිත් ආගම් වල එහෙම නැති එකට ඉස්ලාමය වගකියන්න ඕන නෑ.ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. ජපාන සම්ප්‍රදායික ඇඳුම බැලුවත් ඔවුනුත් හිස හස මුහුන හැර මුළු ශරීරයම වැසෙන පරිදි තමා කාන්තාවන් හා පිරිමින් ඇඳුම් අඳින්නේ. තවත් මේ ගැන ගැඹුරින් හොයලා බැලුවනම් තවත් කරුණු කාරනා අපිට දැනගන්න පුළුවන්. බුදු හාමදුරුවන්ගේ දේශණා අනුවත් කාන්තාවන් හැසිරිය යුතු ආකාරය කියලා දීලා තියෙනවා. මට ධම්ම පදය මතක නෑ පුළුවන් නම් හාමදුරුකෙනෙකුගෙන් විමසන්න බුදුහාමදුරුවෝ දේශ්නා කරලා තියෙන විදිහට කාන්තාවක් හිනාවෙනකොට ඇයගේ දත් නොපෙන්විය යුතුයි. මේවගේ හුඟක් කාරණ තිබ්බට කාලය මදිකම නිසා මෙතැනින් නවත්තනවා.

ප්‍රතිචාරය ස්තූතියි..ඔබට දෙවි පිහිටයි


අසoක said...

"ලෝකයේ තියෙන එකම සත්‍ය මාර්ගය ඉස්ලාම් ආගම"...හිකිස්ස් පිස්සුවක් ඇතෑයි...උඹලයි ආගමේ අන්ය ආගමිකයින් මරන්න කියලා තියෙන්නේ එවා එතකොට හරිද අහවල් එක තමයි,බොලයි ආගම තියෙන්නේ බඩු ගහන්නයි මිනී මරන්නයි,කාලකන්නි හෑතිකරේ

අසංක සහෝදරයා රයිට් සහෝදරයෝ ගුවන් යානයගැන මුලින්ම කතා කරනකොට සහෝදරයා වගේ පටු දැනුමක් ඇති අය කිව්වෙත් "හිකිස්ස් පිස්සුවක් ඇතෑයි" කියන එකයි. කොච්චර විවෙචන එල්ල වුනත් ඔවුන් ඔවුන්ගේ ක්‍රියාව නොනැවතී ඉදිරියට ගෙන ගියා අවසානයේදී ඔවුන් ජයගත්තා. ඒ වගේ අපිටත් කොච්චර විවෙචන , මඩ ප්‍රහාර, අසත්‍ය ප්‍රකාශ එල්ල වුනත් අපි අපෙ ගමන් නොනැවති ඉදිරියටම යනවා. ජයගන්නවා[ස්වර්ගයට ඇතුල් වෙනවා].

ඉස්ලාමය කොහෙද අන්‍ය ආගමිකයින් මරන්න කියලා තියෙන්නේ? එහෙමනම් අරාබී මහද්වීපයේ මුස්ලිම් රටවල් වල ජීවත් වෙන ක්‍රිස්තියානුවෝ එක් කෝටි හතලිස් ලක්ෂයක් සහ අන්‍ය ආගමිකයින් මරලා තියෙන්න ඕන. සහෝදරයා මතුපිටින් බලාගෙන හදිසි නිගමන වලට එන්න එපා. නබි තුමාගේ කාලේ ඉස්ලාමය නොපිළිගත් අය මුස්ලිම්වරුන් සමග යුද්ධයකට ආවා. එතැනදී අපිටත් යුද්ධ කරන්න සිදුවුනා.ඒ වෙලාවෙදී අල්ලාහු තාආලා නබිතුමාට අණ කලා ඔවුන් ඉදිරියට එන විරුද්ධවාදී අන්‍ය ආගමිකයින් මරා දමන්න කියලා. නැත්තන් සිදුවන්නේ අපිට මැරෙන්නයි. 

එහෙම නැතුව අල් කුරානයේ හෝ අල් හදීසයේ කිසිම තැනක සඳහන් වෙලා නෑ පාරේ යන එන කොට හමුවෙන හැම අන්‍ය ආගමිකයින්වම මරන්න කියලා. ඉස්ලාමය කියලා තියෙන්නේ අන්‍ය ආගමිකයින්ට ගරු කරන්න ඔවුන්ගේ හැඟීම් වලට ගරු කරන්න ඔවුන්ට උපකාර කරන්න කියලයි. අන්‍ය ආගමිකයෙකුගේ මළ සිරුරක් අරන් යනවානම් නැගී සිටිමින් ආචාර කරන්න කියලයි ඉස්ලාමය අපිට කියලා දීලා තියෙන්නේ. කුරානයේ තියෙන්නේ එක වාක්‍යයක් විතරක් අරගෙන ඉස්ලාමය විවෙචනය කරන්න එපා. මුළු මනින්ම කුරානය කියවන්න ඉස්ලාමය හොඳින් අධ්යනය කරන්න. පොතක වාක්‍ය දෙක තුනක් කියවගෙන පොතක් ගැන නිගමනයට එන්න හෝ ඒක විවෙචනය කරන්න බෑ.

දැන් අසංක සහෝදරයා කියලා තියෙන අනෙකුත් චෝදනා වුනත් කිසිම පදනමක් නැතුව කරපු චෝදනා. දැන් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, යුදෙව්වන්, අන්‍ය ආගමිකයින් සහ ආගම් අදහන්නේ නැති අය ඔය වැරදී කරන්නේ නැද්ද? නෑ කරනවා... එහෙනම් එහෙම වැරදි කරන්න කියලා ඔවුන්ට කියලා තියෙන්නේ ඔවුන්ගේ ආගමද? නෑ... එහෙම කෙනෙකු වැරද්දක් කළ පලියට ඔහු අදහන ආගම අදහන සියලු දෙනාත් ඔහුගේ ආගමත් වැරදි කරුවෝ වෙනවාද?..නෑ..එහෙනම් ඇයි ඉස්ලාමය ගැන විතරයි කිසිම පදනමක් නැතුව මෙච්චර දරුණු ලෙස විවෙචනය කරන්නේ. හේතුව එල ඇති ගහටයි ගල් ගහන්නේ . කොච්චර ගැහුවත් ඒ ගහන ගහන තරමට අපි ශක්තිමත් වන්නෙමු.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉස්ලාම් දහම ගැන ඔච්චරටම පහත් ලෙස විවෙචනය කරන සහෝදරයා අදහන ආගම විසින් ඔයවගේ පහත් භාශා යොදාගෙන කිසිම පදනමක් නැතුව අන්‍ය ආගමිකයින්ගේ හැඟීම් වලට ගරු නොකර අන්‍ය ආගමකට විවෙචනය කරන්න සහෝදරයට නිදහසක් ලබලා දීලා තියෙනවාද? ..... සහෝදරයාගේ ප්‍රතිචාරයට මං ස්තූති වන්ත වුනත් ඔහුගේ පහත් භාශා භාවිතයට මගේ කණගාටුව ..ඒ වගේම අසංක සහෝදරයාට තමාව පාලනය කරන්න තරම් ශක්තියක් හා විවෙචන දරාගන් පුළුවන් තරම් ශක්තියක් නොමැති වීම පිළිබඳව මගේ අනුකම්පාව... සහෝදරයා යම් දෙයක් ගැන ගැටලුවක් තියෙනවානම් එය හොඳින් අධ්‍යනය කරන්න..වැදගත් ලෙස සාකච්චා කරන්න.....දෙවි පිහිටයි.



5 comments:

Asanka Udayanga said...

කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.

කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.

කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.

කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.

කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.

කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.

කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.

මේ ඔබ පවසන කුරානයේ තියන පාට ටිකක් මේ ගෑන අපි පොඩ්ඩක් කතා කරමුද මේ කියන්නේ ත්‍රස්තවාදය නොවේද,එසේ නොවේ නම් මෙයට කියන්නේ කුමක්ද????

සහෝදර එකමුතුව said...

අසංක සහෝදරයා ඔබ නැවත නැවටත් එක එක වක්‍යන් අරගෙන වැරදි අර්ථකටනයන් දෙනවා. සහෝදරයා අල් කුරානයේ සඳහන් වෙන්නේ අල්ලාහ් තාආලා විසින් කලින් කලට එක් එක් අවස්ථාවන් සඳහා , දේව දූතයන් මඟින් නබි තුමාට යැවු පනිවුඩ වේ. ඔබ එක වාක්‍යක් විතරක් ගන්නේ නැතිව මුළු පරිච්චෙදයම කියවන්න. යුද්ධයකදී හැසිරිය යුතු ආකාරයා හා මුස්ලිම්වරුන්ට පාප යෙන් වැලකී සිටීමට අල්ලාහ් තාආලා ඔහු විසින් දෙන දඩුවම් පිළිබඳව සඳහන් කරනවා.කුමන අවස්තාවක් සඳහා අල්ලාහ් තාආලා ඒ පනිවිඩයා ලබ දුන්නේද යන්න අධ්‍යනය කරන්න.දැන් හින්දු ආගමේ පූජනීය ගන්ථයක් වන මහ භාරතය මුළුමනින්ම තියෙන්නේ යුද්ධයක් පිළිබඳ.එතැනදී කාටවත් ප්‍රශ්ණයක් නෑ. මුස්ලිම්වරුන් පිළිබඳව විතරයි ඔය හැම ප්‍රශ්නයක්ම. සහෝදරයා තවත් එකක් කියන්නම් එක්කෙනෙකුට ත්‍රස්තවාදියෙක් තවත් කෙනෙකුට වීරයෙක්. දැන් වීර පුරන් අප්පුට සුද්දෝ කිව්වේ ත්‍රස්දවාදීන් කියලා ඒත් අපිට ඔහු වීරයෙක්. ඒ හින්දා ත්‍රස්වාදය හා ඉස්ලාමය වැරදී ලෙස වටහා ගන්න එපා. මිනිසුන් අපි යහමාර්ගයේ යන්න නම් අපිට මන්නග් පෙන්වීමක් තිබිය යුතුයි. නැතිනම දඩාවතේ යන බල්ලෙක් මෙන් ඔහේ අපිද යන්නෙමු. ඒ අවශ්‍ය මඟ පෙන්වීම කුරානය විසින් ලබාදෙයි.ඉස්ලාමය කියන්නේ ශාන්තිය මුල්කරගත් ආගමක්. ඒ ඒ අවස්ථාවන්ට හැසිරිය යුතු ආකරයත් ඉස්ලාමයෙන් අපිට උගන්වලා තියෙනව.එහෙම නැතිව හැම අන්‍ය ආගමිකයෙකුවම මරන්න කියලා ඉස්ලාමයේ කොහෙවත් කියලා නෑ. ගණිතය දන්නේ නැත්තම් ගණිත සමීකරනයක් විසදපු ආකරය ඔබට පැහැදිලි නැතිවෙන්න පුළුවන්. ඒවගේම ඔබ අල් කුරානයේ එක් එක වාක්ය ගෙන විකාර ලෙස අදහස් දැක්වීමත් නිශ්ඵලයි. ඉස්ලාමය හොඳින් අධ්යනය කරන්න. අනිත් කාරණය ත්‍රස්තවාදේන් කියන ලෙබලා ගහලා අහිංසක මුස්ලිම්වරුන් සිර ගණනක් මරලා කාන්තාවන් දුෂනය කරලා අරාබියෙන් තෙල් හොරකම් කරන බටහිරයින් කියන දෙවල් විශ්වාස කරගෙන හිටියට අපිටත් ඔවුන් අද ඒ දේම කරන්න එනවා.සහෝදරයා අරාබීකරයේ සමහ්‍රක් මුස්ලිම්වරුන් සටන් කරන්නේ ඔවුන්ගේ භූමියවෙනුවෙන්. සමහරක් අය කරන ක්‍රියා පිළිබඳ මටත් විවෙචන තියෙනවා නමුත් ඒවා ට වගකිය යුත්තේ ඔවුන් මිස ඉස්ලාමය නෙමේ. අපිත් අපේ භූමිය රැකගන්න සටන් කලා.එහිදී දහස් ගණන් මැරුණා.මේකයි සත්‍ය. සහෝදර ත්‍රස්තවාදය ක්‍රියාවෙන් විතරක් නෙවෙයි වචයෙන් වුනත් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබේ පලමු ප්‍රතිචාරයේදී මං එය මං දැක්කා.අනුන්ගේ නැති වැරදි හොයන්න කාලය නාස්ති නොකර පලමුව අපි හැදෙමු.සහෝදරයා කුරාන තවත් හුඟක් දේවල් තියෙනවා මුළුමනිනම කුරානය කියවන්න. හදිස්සි නොවන්න. ඉවසන්න. අපක්ෂපාතීව හිතන්න. ඔබට දෙවි පිහිටයි

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කාන්තාවන්ට ඕනි ඇඳුමක් ඇඳීම මානව නිදහස කියලයි අපි දකින්නේ . ඉස්ලාම් කාන්තාවන් බහුතරය ඔය විදිහට අඳින්නේ තම්න්ගෙ කැමැත්තෙන් කියන්නෙ අලි මුසාවක් . වෙනත් කිසිම සමාජයක දකින්න නැති ඒවා ඔබතුමාලගෙ මුස්ලිම් සමාජයේ දකින්න ලැබෙන්නෙ ඒකයි . එමීර් රාජ්‍යයේ ඔය ඇඳුමට පිටින් කාන්තාවන්ට ඇඳගෙන යන්න බැ කියලයි එහේ ගිය අය කියන්නේ . ඒ නීති නැති නිසාද ? ඔබ ල උපකරන වල සහ ගැහැණුන්ගෙ වෙනස අඳුනන්නෙ නැ කියන එක දීල තියන උදාහරන වලින් පේනවා . ගැහැනිය කියන්නෙ පිරිමයාගෙ අවශ්‍යතාව අනුව තෝග ගන්න තියන ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයි (ඔබලාගේ දහම තුල එහෙම වෙන්න ඇති ) ඒ අයටත් තම්න් කැ,මති දේ කරන්න වගේම කැමති පිරිමියෙක් තෝර ගන්නත් අයිතිය තියෙයි . කන්‍යා සොහොයුරියන් ගුරු වෘත්තිය හැර වෙනත් වෘත්ති වල නියෙලෙන්නෙ නැ . උගන්වීම ශේෂ්ට ක්‍රියාවක් . අනික ඉස්සර අධ්‍යාපනය පාදක උනේ ආගමත් එක්ක ඒ නිසා තමයි , ෆාදර්ල , කන්‍යා සොහොයුරියන් වගේම හාමුදුරුවරුත් උගන්වන්නේ . රෝමානු කතෝලික අය විවාහ වෙන්නේ නැ , අනිකුත් නිකාය වල අය විතරයි විවාහ වෙන්නෙ

Asanka Udayanga said...

අපි පොඩ්ඩක් කාන්තා අයිතීන් ගෑන කුරානයේ කියා තියන දේ වල් ගෑන බලමු,

කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්‍රීන්ට වඩා ඉහලින් සිටී.

කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.

කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්‍රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්‍රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).

මෙවන් කුරාන පාට ගෙන බෑලුවාම ඔබ කියන ඔය ආදරය දයාව කොහෙද තියෙන්නේ,නිවරදිව බෑලුවොත් කාන්තාව තනිකරම පුරුශයා සතු කාම වශුවක්,ඔබ දෑන් කියයි කුරානයේ එක පාටයක් අරන් වෑරදියට හිතන්න එපා කියලා හෑබෑයි ඉතින් ඔහොම බෑලුවොත් කුරානයේ පාට කීඅක් ඉවත් කරන්න වෙනවාද......
කෙසෙවෙත්ත මෙවන් කතිකාවතකට මග පෑදීම ගෑන මම අවසාන වශයෙන් ඔබට ස්තුති කරන්වා......

Tishantha said...

ඔයාලා අනිත් ය වගේ නෙවෙය් . තරමක් සන්සුන්ව දෙයක් කතාකරන්න පුළුවන්, එක ගැන මන් අගයකරනවා . මට ඔයාලගේ සමහර ඉගැන්වීම් ගැන ගැටළු තියනවා. පුලුවන්ද විසදලදෙන්න ? :)

Post a Comment